Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

එංග­ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම තෝරා ගන්නෙ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් – ප්‍රධාන පුහු­ණු­කරු ජෝන් ලුවිස්

එංග­ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම තෝරා ගැනී­මේදී කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරන බව කාන්තා ප්‍රධාන පුහු­ණු­කරු ජෝන් ලුවිස් මහතා සඳ­හන් කර සිටී. මේ තාක්‍ෂ­ණය තරග සම්බ­න්ධ­යෙන් තීර­ණා­ත්මක ප්‍රති­පෝ­ෂ­ණ­යක් ලබා දුන් බවත්, ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙහි විස්සයි20 තර­ගා­ව­ලිය ජය­ග්‍ර­හ­ණය කිරී­මට එය උප­කාරී වූ බවත් ජෝන් ලුවිස් මහ­තාගේ හෙළි­ද­රව්ව මඟින් සඳ­හන් වේ.

පසු­ගිය ගිම්හා­න­යේදී ඔස්ට්‍රේ­ලි­යානු කණ්ඩා­ය­මට එරෙ­හිව පැවති අළු බඳුන තර­ගා­ව­ලි­යේදී ඉතා සාර්ථ­කව කෘතිම බුද්ධිය භාවිතා කළ බව ජෝන් ලුවිස් මහතා පැව­සීය. හෙතෙම පැව­සුවේ එම කාන්තා අළු බඳුන තර­ගා­ව­ලි­යේදී ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙ­හිව පැවති තර­ග­ය­කදී බොහෝ දුරට සමාන දක්ෂතා ඇති ක්‍රීඩි­කා­වන් දෙදෙ­න­කු­ගෙන් එක් අයෙකු තෝරා ගැනී­මට සූදා­නම් වීමේදී අව­සාන ඇම­තුම ලබා ගැනී­මට කෘත්‍රිම බුද්ධි ක්‍රමය සාර්ථ­කව උප­කා­රවූ බවයි.

පසු­ගිය වසරේ මාර්තු මාසයේ ඉන්දි­යාවේ පැවති කාන්තා ප්‍රිමි­යර් ලීගයේ සමා­ර­ම්භක සංස්ක­ර­ණ­යේදී යූපී වොරි­යස් කණ්ඩා­යම පුහුණු කරන අත­ර­තුර, ලන්ඩන් පද­නම් කර­ගත් පීඑ­ස්අයි සමා­ගම විසින් බල­ග­න්වන ලද මේ තාක්ෂ­ණය පිළි­බ­ඳව තමා දැන­ගත් බව ලුවිස් මහතා පැව­සීය.

සිත්ගන්නා කරුණ නම්, රග්බි ලීග් කණ්ඩා­යම්, බ්‍රිතාන්‍ය පාපන්දු කණ්ඩා­යම් එම ක්‍රම­යම භාවිතා කර ඇති බව වාර්තා­වී­මය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button