Cricket NewsEXCLUSIVEIPLPremier League

ලබන වසරේ සිට අයිපීඑල් නිල මාධ්‍ය අයිතිය වෙනුවෙන් ඇපල් හා ෆේස්බුක් සමාගම් අතර සීතල යුද්ධයක්

Sri Lanka Cricket Ready To Host IPL 2022- Reports

ජාත්‍යන්තර සමාගම් රැසකට තමන් උපයා ගත් ධනය සාර්ථක ලෙසින් ආයෝජනය කරන්නට හොඳම පසුබිමක් බවට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය පත්ව තිබේ.ලොව ධනවත්ම ක්‍රිකට් ලීගයේ නිල කොටස් කරුවන් වීමට බොහෝ නම් දැරූ සමාගම් ගණනාවක්ම අපේක්ෂාවෙන් සිටින බව නම් නොරහසකි.

ඒඅතරට එක්වන අලුත්ම සමාගම් අතරට මෑත කාලයේ ඉහළ පිලිගැනීමක් හා වත්කම් රාශියක් සහිත ෆේස්බුක් (meta),නෙට්ෆ්ලික්ස් හා ඇපල් සමාගම් එක්වීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය තුලින් අසන්නට ලැබේ.

2023-2027 තරඟ කාලය සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීගයේ නිල මාධ්‍ය අයිතිය ලබාගැනීමේ අපේක්ෂාවෙන් එකී සමාගම් තුනම අපේක්ෂා කරමින් සිටී.එම සමගම් තුන නිල මාධ්‍ය අයිතිය සඳහා ලංසු තැබීමට අපේක්ෂා කරන බවයි සඳහන් කරන්නේ.

ක්‍රිකට් ලෝකයට මීට පෙර මෙම සමාගම් තුනෙහි සෘජු අතපෙවීමක් හා බලපෑමක් මීට පෙර ලැබී නොතිබුණු පසුබිමක නූතන ලෝකයේ ප්‍රභලයින්ගේ සෙවණැලි අතර අයිපීඑල් නිල මාධ්‍ය අයිතිය සඳහා සීතල යුද්ධයක් නිර්මාණය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button