EXCLUSIVEPremier LeagueTHE HUNDRED

අන්ඩෘ රසල්,ජොස් බලට්ලර් ක්‍රීඩා කරන මැන්චෙස්ටර් ඔරිජිනල්ස් පිලේ දෙවන වැඩිම ලංසුව හසරංගට

එංගලන්ත ජහා වේල්ස ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ලොව දෙවන වේගවත්ම ක්‍රිකට් තරඟ ආකෘතිය වන ද හන්ඩ්‍රඩ් තරඟාවලියේ ක්‍රීඩක කෙටුම් පත් කිරීම ඊයේ නිමා විය.විදෙස් ක්‍රීඩකයින් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වූ මෙවර තරඟාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී නම්දැරූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මිලදී නොගැනීම කැපී පෙනුනි.ඒ අතර වත්මන් ජගත් විස්සයි විස්සයි ශ්‍රේණිගත කිරීම්හි පෙරෙමුණේ පසුවන බාබර් අසාම්ද ඇතුලත්.

ක්‍රීඩක කෙටුම්පත් කිරීම සඳහා හසරංගගේ මූලික වටිනාකම පවුම් 50,000 ක් ලෙස නියම වී තිබුණි.කෙසේනමුත් RD 2 කාණ්ඩය යටතේ ඔහුව පවුම් 100,000ක වටිනාකමකට මිල දී ගැනීමට Manchester Originals කණ්ඩායමේ හිමිකරුවන් කටයුතු කලේය.

මෙම ක්‍රීඩක කෙටුම්පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 21 ක් දෙනෙකු එක් වූ අතර ඒ අතර සුපිරු පිතිකරු භානුක රාජපක්ෂද විය.නමුත් ඒ අතරින් මෙවර තරඟාවලිය නියෝජනය කරන්නට අවකාශය ලැබුණේ හසරංගට පමණි.වත්මන් විස්සයි විස්ස පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි සයවැනි ස්ථානයේ පසුවන වනිදුගේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4 කට ආසන්න විය.

මැන්චෙස්ටර් පිලේ සෙසු විදෙස් ක්‍රීකයින් දෙදෙනා වනුයේ කොදෙව් ක්‍රීඩක අන්ඩෘ රසල් හා ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ශේන් ඇබට් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7