IPL ‘චියර්ලීඩර්ස්’ කෙල්ලන්ට දිනකට අවම වැටුප රු 50000යි, උපරිමය 86000යි.
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/04/ipl.jpg?fit=1200%2C675&ssl=1)
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් තරගයකදී නර්තනයේ යෙදීම වෙනුවෙන් ‘චියර්ලීඩර්ස්’ ශිල්පිනියකට ඉන්දීය රුපියල් 14,000ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 50,379) ගෙවනු ලබයි. මෙම ගෙවීම ‘චියර්ලීඩර්ස්’ නර්තන ශිල්පිනියකගේ අවම ගෙවීම වන අතර, මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් එක් තරගයකට ‘චියර්ලීඩර්ස්’ නර්තන ශිල්පිනියකට ඉන්දීය රුපියල් 20,000ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 71,970) හා කල්කටා නයිට් රයිඩර්ස් පිල එක් දිනකදී ගෙවීම ඉන්දීය රුපියල් 24,000ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 86,370) වේ. මේ ‘චියර්ලීඩර්ස්’ ලා බොහෝ විට හොලිවුඩ් හා බොලිවුඩ් ඇතුළු ඉන්දියානු චිත්‍රපටවල කුඩා චරිත හෝ රඟපා ඇති අතර, එමඟින් ඔවුන්ට ඉන්දියානු නර්තන විලාසයන් පිළිබඳ වැටහීමක් ලබා දේ. මේ හැරුණු විට, ඇරොබික් ජිම්නාස්ටික් සහ බටහිර නර්තන ආකෘතීන් ද ඔවුන් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
කෙසේ වෙතත්, ‘චියර්ලීඩර්ස්’ ශිල්පිනියන්ට නියමිත වේලාවට වැටුප් නොලැබෙන බවට හා තරු පහේ නවාතැන් දෙන බව පවසමින් අපිරිසිදු හෝටල් කාමර ලබාදීම පිළිබඳ පසුගිය කාලයේ බොහෝ පැමිණිලි ලැබී තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.