EXCLUSIVETrending Article

“පැවිලියන් එකේ ඉඳන් කෑගහන්නැතුව ග්‍රවුන්ඩ් එක මැද්දට බැහැලම ගුරුහරුකම් දෙන රත්ගම සිංහයා” – ක්‍රිකට් රසිකකයකු ලසිත් මාලිංග පිළිබඳව තැබූ අපුරු සටහන.!

ලංකාවේ හැමදේම, හැම අතින්ම අඩාල වෙන්න බලපාන ප්‍රධානම හේතුවක් තමයි කිසිම ෆීල්ඩ් එකක දෙවෙනි පෙළක් හදලා නැති එක, ඒ වගේම හැදෙන්න දෙන්නේ නැති එක. බැට්න් එක ඊළඟට අරගෙන පලයං කියලා අලුත් අයට භාරදෙන්නේ නැති එක. එළවන්න හදන අයවත් එළෙව්වට පස්සේ කාවද ඊළඟට ගේන්නේ කියන ප්‍රශ්නයට තාමත් උත්තරයක් නැතිවෙලා තියෙන්නේ ඒ නිසයි.

එහෙව් සිද්ධි කෙළකෝටියක් මැද්දේ, මේ ෆොටෝ එක මතු වෙනවා. ඉෂාර එස් කොඩිකාර කැප්චර් කරගත්ත ෆොටෝ එකක්. ඒක මෙච්චරම ස්පෙෂල් වෙන්නේ ෆොටෝ එක අරගත්තු ඈන්ගල් එකෙන්. ඒ රත්තරන් පාට මුදු මුදු කොණ්ඩේ, මූණ නැතුවත් ලෝකෙන් භාගයක්ම අඳුරනවා. මනුස්සයෙක් තමන්ගේ අයිඩෙන්ටිටි එක, අයිකන් එක හදාගැනීම ගැන පාඩමක් එතන තියෙනවා.

අනික, දෙවෙනි පෙළ හැදීම, ඊළඟ ජෙනරේෂන් එකට පාර පෙන්වීම, “ඔහොම නෙවෙයි මෙහෙම කරපං, මේ විදිහට අල්ලපං, මෙහෙම දාපං, අතන්ට දාපං” කියලා පැවිලියන් එකේ ඉඳන් කෑගහන්නැතුව මැද්දට බැහැලම ගුරුහරුකම් දීම. කරාවේ ගතියට, වැල්ලේ පුරුද්දට, රත්ගම ඌෂ්ණෙට, කට කැඩිච්ච කතාවක් කියලා, සද්දයක් දාලා, තමන් දන්න දේ දායාද කරන්න, අලුත් එවුන්ට පත්තියං කරන්න පටන් අරගෙන පාටයි.

ප්‍රශ්න තිබ්බා හැමදාම. ඒත් අපි සැහැල්ලුවෙන් නින්දට ගියේ, අපි මැච් එක දින්නා නේද කියන සංතෝසෙන් හිත පුරවගෙන. ඔස්ට්‍රේලියා ටුවර් එකේ ටිකට් ඔක්කොම සෝල්ඩ් අවුට්.

බයිලා කියලා, ඔලුව බොල් කරලා බොයිල් කරන බෙලහීනයෝ පිරුණු කාලෙක, බැට් එකයි බෝලෙයි බ්ලූ ජර්සියයි, ජීවත් වීමේ බලාපොරොත්තුව මිනිස්සුන්ට ගෙනේවි.

 (ඉෂාර එස් කොඩිකාර ලබාගත් එම ජයාරුපය)

– ෂෙනාල් ගුණසේකර තැබූ සටහනක් ඇසුරිණි. >>> ඔහුගේ Facebook පිටුවට පිවිසීමට Click කරන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7