Cricket NewsEXCLUSIVE

දිමුත්ව සහ වනිදුව සියල්ලට ඉහළින් ඔසවා තැබීමේ වගකීම ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන්ට – අපේ කොල්ලො දිනවන්නෙ මෙහෙමයි.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වසරේ සම්මාන ප්‍රදානෝත්සවයේ විශිෂ්ඨතම ක්‍රීඩකයින් තේරීම සඳහා වන මනාප ලබා දීමේදී ක්‍රිකට් රසිකයින්ට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ඒ අනුව වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සහ වසරේ විස්සයි-20 ක්‍රීඩකයා සම්මාන සඳහා නිර්දේශිත නම් අතර සිටින දිමුත් කරුණාරත්න සහ වනිඳු හසරංග වෙනුවෙන් සිය ඡන්දය ලබා දීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට හිමිව තිබේ.

පහත සඳහන් වෙබ් අඩෙවි සබැඳි වලට එක්වීමෙන් දිමුත්ට සහ වනිඳුට සිය මනාපය ලබා දීමේ හැකියාව ශ්‍රී ලාංකේය ක්‍රීඩා රසිකයින්ට උදාවනු ඇත.

ICC වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා කරවීමට දිමුත්ට ඡන්දය ලබා දෙන්න – tinyurl.com/votefordimuth

ICC වසරේ T20I ක්‍රිකට් ක්‍රීඩකයා කරවීමට වනිඳු හසරංගට ඡන්දය ලබා දෙන්න – tinyurl.com/voteforwanindu

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7