Cricket NewsEXCLUSIVE

ලෝකයේ සුපිරි ක්‍රිකට් තරු ඩැහැගන්නා ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ගොදුර ශ්‍රී ලංකාව ද ?

වසර ගණනාවක් පුරාවට ක්‍රිකට් ලොව නම් දැරූ රටවල් සියල්ලක් පාහේ සිය ක්‍රිකට් ක්‍රීඩාව තුල එකිනෙකා පරයා යන්නට වෙනස්ම ආරයේ උපක්‍රම තුලින් සිය ක්‍රිකට් ක්‍රීඩාව ඉහල මට්ටමකට ගෙන එන්නට විශාල පරිවර්ථනයක් සිදු කළා.

නමුත් වත්මන් ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව වානිජකරණය වන පසුබිමක ආර්ථික හා දේශපාලනමය වශයෙන් ලෝක බලවතෙකු ලෙසින් සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදය ලොව පුරා විහිදී සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩයන් ඉහළ මූල්‍යමය වටිනාකම් ලබාදෙමින් තමන් වෙත ඈඳා ගැනීම පසුගිය වසර කිහිපය පුරාවටම සිදුවන සුලභ ක්‍රියාන්විතයක් බවට මේ වන විට පත්ව තිබෙනවා.

මෙහි අඳුරු පැතිකඩ බොහෝ නැගී එන රවටල් තුලටද ගොඩනැගී මෑත කාලීනව ස්ථාවර වූ රවවල් දෙසටද අඳුරු සෙවැණැල්ලක් බවට පත්වූ ආකාරය අවසන් මාස කිහිපය පුරාවට දැක ගන්නට ලැබුණි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ශෙහාන් ජයසූරිය, අමිල අපොන්සු වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඇමරිකානු ක්‍රිකට් සමඟින් එක්විය.

එහි ලොව වඩාත්ම අවධානය දිනාගත් කරුණ වූයේ 2012 වසරේ ඉන්දීය 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලානය කරා මෙහෙයවූ උන්මුකට් චන්ද් හා නවසීලන්ත ක්‍රීඩක කොරී ඇන්ඩර්සන් ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායම සමඟින් ගිවිසුම් ගත වීමය.

ඉන් දින කිහිපයකට පසු උමාර් අක්මාල්ද ඇමරිකානු ලීග් පිටියට එක්ව තිබුනේ පකිස්තානය හැර යමිනි.

වානිජකරණය වීම මත ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් අඩු වයසින් තම මව්රට සමඟ ඇතිකරගත් ගිවිසුම් අවලංගු කරගැනීම හා කල්තියා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම හා ඇමරිකානු ජනපදය සමඟින් එක්වීමේ මීලඟ ක්‍රීඩකයන් අතරට මෑතකදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් විශ්‍රාම ලබාගත් පිතිකරුවෙකුද සිටින බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කර සිටිනවා.

ඒ අනුව ලෝකයේ සුපිරි ක්‍රිකට් තරු ඩැහැගන්නා ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ගොදුර ශ්‍රී ලංකාව ද ? ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් අප ලිපිය අවසන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7