Cricket NewsEXCLUSIVE

LPL හි සුපිරි දස්කම් දැක්වූ යාපනේ තරුණ ක්‍රිකට් ජවය “විජයකාන්ත් වියස්කාන්ත්ට” BPL වෙතින් ඇරයුම්.!

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවති අවස්ථා ත්‍රිත්වයේදීම ජයග්‍රාහී Jaffna Stallions සහ Jaffna Kings කණ්ඩායම් නියෝජනය කල මෙන්ම මෙවර තරඟාවලියේ Jaffna Kings කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් බවට පත් වූ යොවුන් ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත්ට එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් BPL තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

එමෙන්ම මෙය ඔහුගේ ]පළමු විදෙස් ලීගයද වනවා.

මෙවර LPL තරගාවලියේ තරග 8 කදී කඩුලු 13 ක් දවාගනිමින් දැක්වූ දස්කම් හේතුවෙන් වියස්කාන්ත්ගේ සේවය තම කණ්ඩායමට ලබාගැනීමට බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයට ක්‍රීඩා කරන Chattogram Challengers කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර තිබේ.

කණ්ඩායම් 7 ක සහභාගීත්වයෙන් ලබන වසරේ (2023) ජනවාරි මස 6 වැනිදා සිට පෙබරවාරි මස 16 වැනිදා දක්වා පැවැත්වන බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයට මූලික වටයේ තරග 42 ක් සහ අවසන් වටයේ තරග 4 ක් ඇතුළත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button