Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකාවට දක්ෂතාවක් නැත්නම් ආසියානු කුසලානය දිනන්න බැහැ. ශ්‍රී ලංකාව සතුව ලෝක මට්ටමේ දඟ පන්දු යවන්නන් දෙදෙනෙක්ම ඉන්නවා.” – ගෞතම් ගාම්භීර්

එළැඹෙන 2023 ජනවාරි 3 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගාවලිය සඳහා ක්‍රීඩා කරන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත් වීමට නියමිතය.

මේ අතර මෙම තරඟාවලිය තුළ ඉන්දීය කණ්ඩායමට හිසරදයක් විය හැකි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙනෙකු පිළිබඳව ඉන්දීය හිටපු පිතිකරු ගෞතම් ගාම්භීර් අනාවැකි පළකර තිබෙනවා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ගෞතම් ගාම්භීර්, මහිෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග ඉන්දීය කණ්ඩායම වැඩි බලපෑමක් සිදු කරනු ඇති බවටත් සඳහන් කර සිටියා.

ඔහු පල කල අදහස් පහතින්,

“ඔවුන්ට දක්ෂතාවක් නැත්නම් ආසියානු කුසලානය දිනන්න බැහැ. ඔවුන්ට තනි පුද්ගල දක්ෂතාවයන් තියෙනවා.. ඔවුන්ට හොඳ සංයෝජනයක් තියෙනවා. ඔවුන්ට ලෝක මට්ටමේ දඟ පන්දු යවන්නන් දෙදෙනෙක්ම ඉන්නවා. ලෝක මට්ටමේ දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු සිටින කණ්ඩායම් කියද තියෙන්නෙ? හසරංග සහ තීක්ෂණ. ඔවුන්ට විවිධ අවස්ථාවන්හිදී ද පන්දු යවන්න පුළුවන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button