Cricket NewsEXCLUSIVEInternational

ටෙස්ට් ක්‍රිකට් වේග පන්දුවේ එංගලන්ත නාමය ටෙස්ට් පිටියට සමුදී යන්නම යයි

වර්ත­මා­නයේ ටෙස්ට් පිටියේ රැඳී සිටි ජ්‍යෙෂ්ඨ­තම ක්‍රීඩ­කයා වූ එංග­ල­න්තයේ ජෙම්ස් ඇන්ඩ­ර්සන්ගේ ටෙස්ට් දිවිය ඊයේ නිමා විය. සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් පිලට එරෙ­හිව පැවති පළමු ටෙස්ට් තර­ගය නිමා වීමත් සමඟ ඇන්ඩ­ර්සන් ටෙස්ට් දිවිය අව­සන් කළ අතර, මේ තර­ග­යෙන් එංග­ල­න්ත­යට ඉනි­මක සහ ලකුණු 114ක ජයක් අත්විය.

21 හැවි­රිදි වියේදී 2003 වසරේ මැයි 22 දා සිම්බාබ්වේ කණ්ඩා­ය­මට එරෙ­හිව ලෝඩ්ස් ක්‍රීඩාං­ග­ණ­යේ­දීම ටෙස්ට් පිටි­යට පිවිසි ඇන්ඩ­ර්සන් එම ක්‍රීඩාං­ග­ණ­යේ­දීම ටෙස්ට් දිවිය නිමා කිරීම විශේ­ෂ­ත්ව­යක් විය. 42 හැවි­රිදි විය පෙනි පෙනී (අවු. 41 දින 348) තරග දිවිය නිමා කළ ඇන්ඩ­ර්සන් මේ සඳහා ඔහු සිය පාව­හන් යුග­ලයේ විශේෂ සට­හන් තබා තිබුණේ එක් සප­ත්තු­වක 2003.05.22 ලෙසත් අනෙක් සප­ත්තුවේ 2024.07.10 ලෙසත් සට­හන් කර­මිනි.

ටෙස්ට් පිටියේ තෙවැනි වැඩිම කඩු­ලු­ලා­භියා ලෙස පිටි­යෙන් සමු­ගන්නා විට ඇන්ඩ­ර්සන් තරග 188කදී කඩුලු 704ක් දවා­ගෙන තිබූ අතර, ඔහුට ඉදි­රි­යෙන් මුත්ත­යියා මුර­ලි­ද­රන් (800) සහ ශේන් වෝන් (708) සිටිති. වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යා­වක් දවා­ගත් ලොව පළමු වේග පන්දු යවන්නා වන ඇන්ඩ­ර්සන් ලකුණු 42කට කඩුලු 7ක් බිඳ දම­මින් ඉනි­මක හොඳම පන්දු යැවීම සට­හන් කර ඇති අතර, ලකුණු 71කට කඩුලු 11ක් බිඳ දම­මින් තර­ග­යක හොඳම පන්දු යැවීම සට­හන් කර තිබේ. ඉනි­මක කඩුලු 5ක් හෝ ඊට වැඩි­යෙන් බිඳ දැමූ අවස්ථා 32ක් සට­හන් කර ඇති ඔහු තෙව­රක් තර­ග­යක කඩුලු 10ක් බැගින් දවා ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button