Cricket NewsEXCLUSIVE

වයස හුදෙක් ඉලක්කමකට සීමා කරගත් ජේම්ස් ඇන්ඩර්සන් ජගත් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි අංක එකට.!

මේ දිනවල ජගත් ටෙස්ට් පිටිය අතිශය කාර්‍ය බහුල මුහුණුවරක් ගෙන තිබේ. ඉන්දියාව කේන්ද්‍රකොට ගනිමින් බ්‍රෝඩර් ගවස්කාර් තරඟාවලියත්,එංගලන්ත-නවසීලන්ත ටෙස්ට් තරඟාවලියත් තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් කුසලාන ටෙස්ට් තරඟාවලියත් ටෙස්ට් පිටියේ අතිශය කාර්‍යබහුල කාලසටහනක් නිර්මාණය කර තිබේ.

මෙකී කාර්‍යබහුල වූ ටෙස්ට් තරඟ රාමුව තුල ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි විශාල වෙනසක් සිදුව තිබෙන අතර අද යාවත්කාලීන වූ ජගත් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණෙන්නට එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සමත් විය.

නවසීලන්තයට එරෙහිව නිමාව දුටු පළමු ටෙස්ට් තරඟයේදී විශිෂ්පන්දු යැවීමක ඇන්ඩර්සන් නිරත වූ අතර හතලිස් හැවරිදි ඇන්ඩර්සන් සමත් වූයේ අඛණ්ඩව වසර හතරක් එනම් දින 1466ක් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමුවැන්නා ලෙසින් රැඳී සිටි ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායක පැට් කමින්ස් තෙවන ස්ථානයට ඇද දමමින්.

එමෙන්ම ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button