Cricket NewsEXCLUSIVEInternational

ජපානයෙ ක්‍රිකට් හදන්න, ශ්‍රි ලංකා ක්‍රිකට් සුදානම් වේ

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය අතර ඒ සඳහා එකඟතා ගිවිසුමකට අත්සන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එම එකඟතාවයට අනුව මෙරට ක්‍රීඩකයින්, ක්‍රිකට් කණ්ඩායම්, පුහුණුකරුවන් සහ ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩල සාමාජිකයින් ජපානයට යැවීමටත් එරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙරටට පැමිණ වැඩිදුර පුහුණුවීමේ අවස්ථාවත් හිමිවේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙරට කණ්ඩායම් ජපානයේ පැවැත්වෙන T20 තරගාවලි සඳහා යැවීමට නියමිත බවයි.

එසේම LPL කණ්ඩායම් සමග පුහුණුවීමට ජපාන ක්‍රීඩකයින්ට ද අවස්ථාව හිමිවන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button