Cricket NewsEXCLUSIVE

ලීග් ලොව ප්‍රමුඛතම ෆ්‍රැන්චයිස් හිමිකරුවෙකුගේ පූර්ණ කාලීන කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් ජේසන් රෝයි එංගලන්තය අත්හරීවිද ?

අද එංගලන්ත මාධ්‍ය වාර්ථා කර තිබුණේ ජේසන් රෝයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟින් ගිවිසුම් ගත වී තිබෙන මධ්‍යම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව හකුලා ගැනීමට විමසා තිබෙන බවයි.හේතුවෙ ලෙසින් රෝයි සඳහන් කරන්නේ MLC T20 තරඟාවලිය සඳහා ඔහුට එක්වීමට අවශ්‍ය බවයි .

කෙසේ නමුත් විශ්වාසනීය ආරංචි මාර්ග තුල සඳහන් වන්නේ කොල්කටා නයිට් රයිඩර්ස් හිමිකරුවන්ගේ පූර්ණ කාලීන කොන්ත්‍රාත්තුවට හිමිකම් කියන පළමු එංගලන්ත පිතිකරුවා ජේසන් රෝයි වනු ඇති බවටයි.

ශාරුක් ඛාන් ප්‍රමුඛ KKR හිමිකරුවන් සතුව තවත් කණ්ඩායම් හතරක හිමිකාරීත්වය පවතින අතර ඔවුන් CPL හි Trinbago Knight Riders,IL20 හි Abhudabi Knight Riders හා MLC T20 තරඟාවලියේ Los Angeles Knight Riders යන කණ්ඩායම් වල හිමිකාරීත්වය දරණු ලබයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයේදී ජේජසන් රෝයි KKR පිල නියෝජනය කල අතර MLC t20 තරඟාවලිදී ඔහු LA Knight Riders පිල නියෝජනය කරනු ඇත.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ Incremental contracts හිමි ක්‍රීඩකයෙකු සඳහා එරට වාර්ෂිකව පව්ම් 66 000 ක් පමණ ගෙවීම් සිදු කරන අතර පවුම් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් එම ක්‍රීඩකයන් හට මෙවන් ලීග් තරඟාවලි තුලින් උපයා ගැනීමට අවස්ථාව තිබේ.

මීට සති දෙකකට පමණ පෙර මෙලෙස එංගලන්ත ක්‍රීඩකයින් සයදෙනෙකුට පූර්ණකාලීන ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිණැමීමට එකී කණ්ඩායම් හිමිකරුවන් අපේක්ෂා කරමින් සිටින බව වාර්ථා වූ අතර කෙටි කාලයක් තුල එය යථාර්ථයක් බවට පත්ව තිබීම ඇරඹිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7