Cricket NewsEXCLUSIVE

” හැමදේම පටන් ගත්තේ මම ඒ එල්ල කරපු පහරින්,මම ඒ හැම වරදක්ම සම්පූර්ණයෙන්ම බාර ගන්නවා ” මුම්බායි හමුවේ PLAY OFF වටයෙන් ඉවත් වීම ගැන නායක කෘනාල් කියයි !

මෙවර අයිපීඑල් තරඟාවලියේ ELIMINATOR තරඟය ඊයේ නිමාව දුටුවේ අවසන් වසර දෙක තුලදී මුම්බායි කණ්ඩායමට සිදුකිරීමට නොහැකිව තිබූ දෙයක් සිදුකරමින්.අයිපීල් තරඟාවලියේ අලුත් සමාජිකයෙකු වන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ තරඟයට පෙර කිසිම විටෙක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හමුවේ පරාජය වී නොතිබුණු නමුත් ඊයේ ආකාශ් මද්වාල්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ගුජරාට් කණ්ඩායම PLAY OFF වටයෙන් ඉවත් වූ පළමු කණ්ඩායම බවට පත් විය.

මුම්බායි ඉන්දියන්ස් හමුවේ ලද පරාජයත් සමඟින් පිට පිට දෙවන වතාවටත් සිය IPL ගමන PLAY OFF වටයකින් හමාර කරගන්නට ලක්නව් පිලට සමත් විය.

කෙසේ නමුත් තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘනාල් කියා සිටියේ ” හැමදේම පටන් ගත්තේ මම ඒ එල්ල කරපු පහරින්,මම ඒ හැම වරදක්ම සම්පූර්ණයෙන්ම බාර ගන්නවා ” යනුවෙන්.

එමෙන්ම තණතීරුව තුල ඔවුන්ට ලකුණු 183 හඹායෑමට හැකියාවක් තිබුණු බවත් 68-2 ක් ව තිබුණු ලකුණු පුවරුවේ කඩුලු දැවීයාම තමාගේ දැවී යාමෙන් පසු සිදුවූ බවත් ඔහු කියා සිටියේය.

“කඩුල්ල නරක නැහැ, පන්දුව පිත්තේ ලස්සනට එනවා,දෙවැනි ඉනිමේදීත් එය එලෙසම පැවතුණා. හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් කිරීමට අපට වඩා හොඳින් පන්දුවට පහර දී වගකීම භාර ගැනීමට සිදු විය, නමුත් විවේකයෙන් පසුව අපි එය කළේ නැත.”

යනුවෙන් LSG වැඩ බලන නායක කෘනාල් පාණ්ඩ්‍යා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
1
+1
9
+1
2
+1
5
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7