Cricket NewsPremier League

PSL පිටිය රත් කල ජේසන් රෝයි ගේ ආගමනය – පන්දු 57 කින් ලකුණු 116 ක් ලබා ගනී ( වීඩියෝ සහිතයි )

That's not correct," Jason Roy refutes Gladiators' owner's claims of him breaking bats in frustration
පාකිස්තාන සුපර් ලීගයේ 15 වන තරඟය ඊයේ කරච්චි නුවර පැවැත්වුනා. මෙහිදි කාසියේ වාසිය දිනා ගත් Quetta Gladiators කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීම සදහා Lahor Qalandars කණ්ඩායමට ආරාධනා කරනු ලැබුවා.

ඒම ආරාධනයෙන් පන්දුවට පහර දුන් ලාහෝර් පිල පන්දුවාර විස්ස තුල කඩුළු 5කට ලකුණු 204ක් ලබා ගත්තා. එම ඉනිම සදහා, ෆකර් සමාන් ලකුණු 70, හැරි බෲක් ලකුණු 41 කින් දායක උනා.

Quetta Gladiators වෙනුවෙන් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසියේ ජේසන් රෝයි සහා අසාන් අලි. ලකුණු 7ක් ලබා සිටි අසාන් අලී නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට Kamran Ghulam ට හැකි වූවා.

ඉන්පසු පිටියට පිවිසි ජේම්ස් වින්ස් සමගින් එක් වු ජේසන් රෝයි ලහෝර් පන්දු යවන්නන්ට රිසිසේ පහර දුන් අතර ජේසන් රෝයි ලකුණු 116 ක් , පන්දු 57කින් ලබා ගැනීමට සමත් උනා. ඔහුගෙ ඉනිමට හයෙ පහර 8ක් හා හතරේ පහර 11 ක් ඇතුලත් උනා. පන්දුවට පහර දීමේ වේගය 203.50 වූවා. ජේම්ස් වින්ස් නොදැවී ලකුණු 49 යි.

Twitter Reactions: Jason Roy's whirlwind century helps Quetta Gladiators stand tall against Lahore Qalandars

පන්දුවාර 19.3 දි තම ඉලක්කය සපුරා ගැනිමට Quetta Gladiators කණ්ඩායම සමත් උනා. තරගයේ වීරයා වූයේ ජේසන් රෝයි.

තරගයේ විශේෂ අවස්ථාවන් පහලින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button