Cricket NewsEXCLUSIVE

සිතාර ගිම්හාන්ගේ සහ නුවනිදු ප්‍රනාන්දුගේ විශිෂ්ට පිතිකරණය “කොළඹට” ජය ගෙන එයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘National Super League’ එක්දින තරගාවලිය මේ වන විට පැවැත්වෙනවා.

සිතාර ගිම්හාන් (110) සහ නුවනිඳු ප්‍රනාන්දු (100) ලබාගත් අගනා ශතක හමුවේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (7) පැවැති National Super League තරගාවලියේ 13 වැනි තරගයේදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 107 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 317 ක් ලබාගත් අතර එහිදී සිතාර ගිම්හාන් ලකුණු110ක් සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 100ක් රැස් කරමින් ශතක ලබා ගැනීමට සමත් වුනා.

පන්දු 104 කින් ලබාගත් ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 13 කින් සැරසීමට ගිම්හාන් සමත් වූ අතර පන්දු 82 කදී ලබාගත් නුවනිඳුගේ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.

කොළඹ ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් නිපුන් ධනංජය (47) සමග එක්ව පන්දු 146 කදී ලකුණු 129 ක් ගොඩනැගූ ගිම්හාන්, ඉන් නොනැවතී නුවනිඳු සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 70 කදී වාර්තා වූ ධනංජයගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වුනා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 318 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට කළණ පෙරේරා සහ ළහිරු මධුෂංක ප්‍රමුඛ කොළඹ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දුවාර 48.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 210 ක් පමණි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කළණ සහ ළහිරු එහිදී කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වූහ.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ලසිත් අබේරත්න ලකුණු 57ක් සහ සමීර සඳමාල් ලකුණු 57ක් රැස් කිරීමට සමත් වූවද, ඔවුන්ට සිය කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීමට නොහැකි විය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7