Cricket GossipCricket KnowledgeCricket NewsEXCLUSIVEInternational

Jay Shah ක්‍රිකට් ලොකු පුටුවේ වැඩ භාර ගනී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට පත්වූ ජේ ෂා මහතා ඊයේ සිය ධුරයේ වැඩ භාර ගත්තේය. වසර 2028දී පැවැත්වෙන ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රීඩාවේ ගෝලීය ප්‍රවේශය වර්ධනය කිරීම ෂා මහතාගේ ධුර කාලයේ දැක්ම බවට ප්‍රකාශයක් සිදු කළේය. මේ අරමුණ ඉටු කර ගැනීම උ‍දෙසා අයිසීසී සාමාජිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඒ මහතාගේ අරමුණ වේ. ක්‍රිකට් පරිපාලනයේ අත්දැකීම් සම්භාරයක් ඇති ෂා මහතාගේ ගමන 2009දී දිස්ත්‍රික් සහ ප්‍රාන්ත මට්ටමින් ආරම්භ වූ අතර, එහිදී ඔහු ගුජරාට් ක්‍රිකට් සංගමයේ නිලතල දැරීය. 2019 දී ෂා මහතා ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ළාබාලතම ලේකම් ලෙස තේරී පත් වූ අතර, වාර්තාගත අයිපීඑල් මාධ්‍ය හිමිකම් ගනුදෙනුව නිර්මාණය කිරීම ඉන්දීය ක්‍රිකට් නව තලයකට ඔසවා තැබීමට හේතු විය. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ මූල්‍ය හා වාණිජ කටයුතු කමිටුවේ සභාපතිවරයා ලෙස ඒ මහතා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button