Cricket NewsEXCLUSIVE

සිඩ්නි නුවර තරු පහේ හෝටල කාමරයකට ශලනි තාරකා සහ උප සභාපති ජයන්ත ධර්මදාස නමින් ලක්ෂ 37ක බිලක් ! බලධාරීන්ගේ විශාල මූල්‍ය අක්‍රිමිකතා රැසක් විඝණකාධිපති වාර්ථාව සමඟ එලියට !

T20 ලෝක කුසාලානයට අදාලව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකර තිබෙන මූල්‍ය අවභාවිතා සහ වංචා පිලිබඳව විඝණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත්කර තිබෙන වාර්තාවෙ කෙටුම්පතට අනුව නිරාවරණය වී ඇති කරුණු මෙසේය.

1. ක්‍රීඩා අමාත්‍යාශයේ අනුමැතියට පයින් ගසා තම හිතු මතේ ආයතනයේ මුදලින් තමන්ගේ ගුණ ගයන මාධ්‍යවේදීන් ඇතුලු හය දෙනෙක් ලෝක කුසලානය නැරඹීමට යැවීම.

2. කිසිම ආයතනික එකඟතාවක් හෝ ගිවිසුමක් නොමැතිව එලෙස පුද්ගලිකව හිතවත් මාධ්‍යවේදීන්ගේ ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් වැය කිරීම.

3. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කිසිදු නිල සම්බන්දතාවක් නොමැති 35 දෙනෙකුට ඔස්ට්‍රේලියානු වීසා ලබා දෙන ලෙස වීසා අයැදුම්පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ලිපි ශීර්ෂ යටතේ යොමු කිරීම.

(මේ අතුරින් 21 දෙනෙකු ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ ඥාතීන් සහ පුද්ගලික හිතවතුන් වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාසගේ ලැයිස්තුවෙන් ශලනි තාරකා නම් ජනප්‍රිය නිළියටද වීසා ලබා දීමට කටයුතු කර ඇත. )

මේ අතරින් සංජීව නිශාන්ත පෙරේරා නමැති පුද්ගලයා 2023 ජුනි 14 වන තෙක්ම නැවත ශ්‍රී ලංකාවට පැමිණ නැති අතර ඔහුගේ සේවා ස්ථානයෙන්ද ඔහුගේ සේවය අවසන් කර ඇත.

4. ඔස්ට්‍රේලියාව වෙත ගුවන් ටිකට්පත් (රුපියල් මිලියන 50කට අධික) මිලදී ගැනීමේදී සම්පූර්ණයෙන්ම නියමිත සහ අනුමත ක්‍රියාපටිපාටියෙන් බැහැරව කටයුතු කර ඇති අතර මේ හරහා දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කර ඇත.

ටිකට්පත් 12ක් සඳහා ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය කිසිසේත් ලබාගෙන නොමැත.

5. සිය සුඛ විහරණය තකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2014 වසරේ සිට 2022 දක්වා අවස්ථා තුනකදී විදෙස් සංචාර සඳහා ගෙවන දෛනික දීමනාව 46%ත් 75%ත් ප්‍රමාණයකින් වැඩි කරගෙන ඇත. මීට අමතරව විධායක කමිටු සාමාජිකයන් විදෙස් සංචාරයක යෙදන අවස්ථාවක් ඇ.එ.ජ. ඩොලර් 2,000ක විනෝදාස්වාද දීමනාවක් සහ ඩොලර් 150ක දුරකථන දීමනාවක් තමන් විසින්ම අනුමත කරගෙන ඇත.

6. ICC T20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ICC වෙතින් ක්‍රිකට් ආයතනයට ලබා දුන් ටිකට් 725ට අමතරව ටිකට් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 8.7ක් වියදම් කර ඇති අතර එයින් රුපියල් මිලියන 4.7ක ටිකට් මිලදී ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය පවා ලබා දී නැත.

අවසන් සහ අවසන් පූර්ව වටයේ තරග නැරඹීම සඳහා මිලදී ගත් ටිකට් පත්වලින් රුපියල් මිලියන 4.1ක් වටිනා ටිකට්පත්වලට සිදු වූ දෙයක් නොමැත.

7. ක්‍රිකට් පිටි වියළීම සඳහා භාවිතා කරන සුපර් සොපර් යන්ත්‍රයක් පරීක්ෂා කිරීමේ මුවාවෙන් ඒ සඳහා කිසිදු විශේෂඥ දැනුමක් නොමැති ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්නව ඔස්ට්‍රේලියාවට යැවීම සඳහා රුපියල් මිලියන 3කට ආසන්න මුදලක් වියදම් කර ඇති අතර නැවත ශ්‍රී ලංකාවට පැමිණි ඔහු සදහන් කර ඇත්තේ ඔහුට ඔස්ට්‍රේලියානු ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයාව මුණ ගැසීමට නොහැකි වූ නිසා යන්ත්‍රය පරීක්ෂා කිරීමට නොහැකි වූ බවයි.

පසුව හෙළි වී ඇත්තේ Sokhi Australia Pty Ltd නම් එම ඔස්ට්‍රේලියානු ආයතනය සුපර් සොපර් යන්ත්‍ර නිෂ්පාදනය කරන සමාගමක් නොවන බවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එම යන්ත්‍රය මිලදී ගැනීම සඳහා අතරමැදි නියෝජිතායතනයක් ලෙස ක්‍රියාකිරීමට පිහිටුවාගත් ආයතනයක් බවයි.

8. මෙලෙස මිලියන ගණන් මුදල් තම සුඛ විහරණය සහ තම හිතවතුන්ගේ, අතවැසියන්ගේ, ස්තෝත්‍ර ගයන්නන්ගේ සැප උදෙසා අත දිගහැර වියදම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් T20 ලෝක කුසලානයේ පළමු වටයේ තරග සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමි විය යුතු ඇ.එ.ජ. ඩොලර් 300,000ක මුදල ගෙවා නොමැත. (2023 ජුනි 14 දත්ත)

9. 2023 පළමු මාස තුන තුළ පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති ගාස්තු ලෙස රුපියල් මිලියන 23කට අධික මුදලක් ගෙවා ඇති අතර මෙම ගෙවීම් ප්‍රධාන වශයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ඇති විවිධ නීතිමය ආරවුල් සම්බන්ධයෙන් බාහිර නීති උපදේශකයින්ට ගෙවා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
1
+1
18
+1
7
+1
3
+1
46

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button