Cricket NewsEXCLUSIVE

අවසන් වසර 10 තුල වැඩිම වතාවක් ලකුණු 9 ට අඩුවෙන් දැවී ගිය පිතිකරුවන් අතර පෙරමුණ කුසල් මෙන්ඩිස් ට !

පකිස්තානු කණ්ඩායම යනු අයර්ලන්තය නොවන බව යලිත් සනාථ කරමින් කුසල් මෙන්ඩිස් අද ලකුණු 6 කට දැවී ගියේය.පකිස්තානයට එරෙහිව ලකුණු 16 සාමානයකට උරුමකම් කියන මෙන්ඩිස්ගේ අසාර්ථකත්වය නොසලකා හරිමින් අද තරඟයටද කුසල් මෙන්ඩිස් කැඳවා තිබුණේ අතිශය අසාර්ථක කාලසීමාවක් තුලදීය.

මුල්පෙල පිතිකරුවෙකු ලෙසින් දිගින් දිගටම කණ්ඩායම තුල රැඳී සිටින කුසල් මෙන්ඩිස් අද තම ක්‍රිකට් දිවියේ 87 වැනි වරටත් ලකුණු 9 සීමාව පසු කරන්නට පෙර දැවී ගියේය.

එය අද වාර්ථා අතරට එක්වූයේ අවසන් වසර 10 තුල වැඩිම වතාවක් ලකුණු 9ට අඩුවෙන් දැවීගිය පිතිකරුවාගේ වාර්ථාවද කුසල් මෙන්ඩිස්ගේ නමට ලියා තබමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button