Cricket NewsEXCLUSIVE

වනිඳු වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ සංචිතයට – අද තරඟයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩ කඩක් ඇති ක්‍රීඩකයින් මෙන්න.!

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟය අද මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාන්ගනයේදී සවස 2.30ට ආරම්භ වීමට නියමිතයි.

පසුගිය දා පැවති පළමු තරඟයේ දී අබාදයකට ලක් වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙපල වන Marcus Stoinis සහ Ashton Agar වෙනුවට අද දිනයේ Matthew Kuhnemann සහ Travis Head ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.

එමෙන්ම පළමු තරඟයේ පාදයේ අබදයකට ලක් වූ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට අද තරඟයේ දී ජෙෆ්රි වැන්ඩසේ ක්‍රීඩා කිරමට නියමිතය.

පළමු එක්දින තරඟය ජයගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විටත් 1-0ක් ලෙස ඉදිරියෙන් පසු වන අතර යහපත් මානසිකත්වයෙන් තව දුරටත් තරඟාවලියේ රැඳී සිටීමට නම් ශ්‍රී ලංකාව මෙම තරඟය ජය ගැනීම අතිශය වැදගත් වනු ඇත.

අද තරඟයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩ කඩක් ඇති සංචිත පහතින්,

Sri Lanka – 1 Danushka Gunathilaka, 2 Pathum Nissanka, 3 Kusal Mendis (wk), 4 Dhananjaya de Silva, 5 Charith Asalanka, 6 Dasun Shanaka (capt), 7 Chamika Karunaratne, 8 Dunith Wellalage, 9 Dushmantha Chameera, 10 Jeffrey Vandersay, 11 Maheesh Theekshana

Australia – 1 David Warner, 2 Aaron Finch (capt), 3 Steven Smith, 4 Marnus Labuschagne, 5 Alex Carey (wk), 6 Travis Head/Josh Inglis, 7 Glenn Maxwell, 8 Pat Cummins, 9 Jhye Richardson, 10 Mitchell Swepson, 11, Josh Hazlewood

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button