Cricket GossipCricket News - ENGLISHEXCLUSIVEIPLPremier League

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ජෝෆ්රා ආචර් ට පූර්ණ කාලීන කොන්ත්‍රාත්තුවක් ? ජාත්‍යන්තර තරඟ සඳහා ඔහුගේ සහභාගීත්වය තීරණය කිරීම මුම්බායි අතට !

අයිපීඑල් හි හිමිකරුවන් විසින් එංගලන්ත ක්‍රීඩකයින් කිහිපදෙනෙකු වෙත පූර්ණ කාලීන කොන්ත්‍රාත්තු පිරිණැමීම සඳහා යෝජනා කර ඇති බවත් එකී ක්‍රීඩකයින්ට එම කොන්ත්‍රාත්තුව පිළිගත හොත් ඔවුන්ගේ ප්‍රමුඛ දායකත්වය තම රටවෙනුවෙන් නොව කොන්ත්‍රාත්තුව පිලිගැන්වූ කණ්ඩායම වෙනුවෙන් ලබාදිය යුතු බවත් සඳහන් පුවතක් Six cricket අප පල කලේ එංගලන්තයේ ද ටයිම්ස් පුවත් පත තබා තිබූ සටහනක් පාදක කරගනිමිනි.

එම පුවත පල කිරීමෙන් එතරම් කාලයක් ගතවන්නටත් පෙරාතුව යලිත් එම පූර්ණ කාලීන ක්‍රීඩක කොන්ත්‍රාතුව හා එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජෝෆ්රා ආචර් නමද ඇමිණී තිබෙන බව විදෙස් මාධ්‍ය රැසක් අද වාර්ථා කර තිබුණි.

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජෝෆ්රා ආචර් හට වසර පුරා ඩොලර් මිලියන ගණනක කොන්ත්‍රාත්තුවක් පිරිනමා ඇති බව සඳහන් වන අතර ඔහු එය පිලිගතහොත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයටද අයිපීඑල් කණ්ඩායමේ කොන්දේසි වලට යටත් වීමෙන් පසුව එංගලන්ත ජාතික කණ්ඩායම සඳහා ඔහුව තෝරා ගැනීමට එම අයිපීඑල් කණ්ඩායමෙන් අවසර ලබාගත යුතු බව සඳහන්.කරන්නේද යන්න පිළිබඳව IPL පැත්තේ පාලනයක් ලබා දෙනු ඇත.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයෙන් ඉවත්ව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පිටව ගිය ජොෆ්‍රා තරඟ කිහිපයක් සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තම දායකත්වය ලබාදුන් අතර විශ්වාසනීය ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව ඔහු ලබන වසර සඳහාද මුම්බායිහි කොටස් කරුවෙකු වීමට නියමිතය.මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරණ Reliance Industries ආයතනය ලොව ප්‍රමුඛ විස්සයි විස්ස ලීග් තරඟාවලි දෙකක කණ්ඩායම් හිමිකාරීත්වය ද දරණ අතර ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අමතරව වීමද විශේෂතවයක්.

උදාහරණයක් ලෙස එවන් පසුබිමක ඔහු එය පිලිගත හොත් ඔහුට අසාන්නතම අළු බඳුන තරඟාවලිය සහභාගි විය හැකිද යන්න මුම්බායි විසින් තීරණය කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
20
+1
2
+1
8
+1
9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button