Cricket NewsEXCLUSIVEInternational

ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දීමේ යෝජනාවට පාකිස්තානයේ විරෝධය!

මෙවර ආසියානු කුසලානය පාකිස්තානයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුනත්, ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට තම අකමැත්ත පල කිරීම හේතුවෙන් පාකිස්තානයට ආසියානු කුසලානයේ සත්කාරකත්වය පිළිබඳව වෙනත් යෝජනා ACC වෙත ඉදිරිපත් කිරීමට සිදු වුනා.

ඒ අනුව ඔවුන් විසින් පාකිස්තානය සහ ඉන්දියාවේ තරග ක්‍රීඩා කිරීමට තවත් රටක් යෝජනා කරමින් දෙමුහුන් ආකෘතියක යෝජනාවක් ACCය වෙත ඉදිරිපත් කර තිබුනා.

නමුත් ඊට එරෙහි වූ ACC විසින් පසුගිය සඳුදා (08) පකිස්ථානයේ එම දෙමුහුන් ආකෘති යෝජනාව බැහැර කළ අතර, ශ්‍රී ලංකාවට තරගාවලියේ සත්කාරකත්වය ලබා දීමේ අදහස පකිස්ථානය වෙත ඉදිරිපත් කර තිබුණා.

නමුත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති Najam Sethi විසින් ඊයේ (09) දිනයේ නැවතත් ACC නියෝජිතයන් පිරිසක් ඩුබායි හිදි මුණ ගැසී ඇති අතර එහි දී තරගාවලිය ශ්‍රී ලංකාවට ගෙන යාමට ගත් තීරණයට ඔහු විසින් විරුද්ධ වී තිබෙනවා.

තරගාවලියේ සත්කාරක දේශයන් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෝරා ගැනීමේ අවකාශය ACC වෙත තිබුණත් එසෙ නොකිරීමට හේතුව ලෙස ACC පෙන්වා දෙන්නෙ තරගාවලිය පැවැත්වීමට නියමිත සැප්තැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින අධික උෂ්ණත්වය නිසා ක්‍රීඩකයින්ට යම් බලපෑමක් ඇති විය හැකි බවයි.

නමුත් Najam Sethi විසින් ඊයේ ACC නියෝජිතයන් හමුවූ අවස්ථාවෙ පවසා ඇත්තේ තමන් ඉදිරිපත් කල යෝජනාවට ACCය එකඟ නොවන්නේ නම් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්විය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
1
+1
15
+1
2
+1
6
+1
14

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button