Cricket NewsEXCLUSIVEIPL

භානුක රාජපක්ෂ වෙනුවට Punjab Kings කණ්ඩායමට පැමිණි Jonny Bairstow පිට පිටම දෙවන තරඟයේත් අසාර්ථක වෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 23වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ මහේල ජයවර්ධන ප්‍රධාන පුහුනුකරිත්වය දරන Mumbai Indians කණ්ඩායම අතර තරඟය ආරම්භ වුවා.

Punjab Kings කණ්ඩායම මේ වන විට තරඟ 4කට සහබාගි වී ඉන් තරඟ දෙකක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 7වන ස්ථානයේ පසුවනවා. Punjab Kings සහබාගි වූ මුල් තරඟ දෙකෙහිදීම Punjab Kings වෙනුවෙන් සටන්කාමී ඉනිම් දියත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සමත් වුනා. තෙවැනි තරඟයේදී ඔහු දුවද්දී දැවී යාමකට හසු වුනා.

අනතුරුව පැවති සිව් වන තරඟයට භානුකගේ ස්ථානයට Jonny Bairstow ක්‍රීඩා කිරීමට පැමිණියත් ඔහුට සාර්ථක වීමට අවස්ථාවක් ලැබුනේ නැහැ. එමෙන්ම අද තරඟයේදී භානුක රාජපක්ෂ හට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුයේ නැහැ..

කෙසේ නමුත් භානුක රාජපක්ෂ ක්‍රීඩා කල අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන Jonny Bairstow අදත් අසාර්තක වුවා. අද දිනයේදී ඔහුට රැස් කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 12ක් පමණයි. එමෙන්ම පසුගිය තරඟයේ දීද ඔහු රැස් කලේ ලකුණු 8ක් පමණයි.

අද දිනයේදී Unadkat විසින් යොමු කල පන්දුව කෙලින්ම කඩුල්ලේ වැඩි Jonny Bairstow දැවී ගියා

ඔහු දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7