Cricket NewsEXCLUSIVEIPLMatch Review

ප්‍රභල Mumbai Indians කණ්ඩායමට පිට පිටම 5 වන පරාජයත් උරුම කරමින් Punjab Kings ලකුණු 12ක ජයක් වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 23වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ මහේල ජයවර්ධන ප්‍රධාන පුහුනුකරිත්වය දරන Mumbai Indians කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 12ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Punjab Kings කණ්ඩායම සමත් වුනා.

තරඟායේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Punjab Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 198ක් රැස් කිරීමට සමත් වුණා.

Punjab Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Shikhar Dhawan පන්දු 50කදී ලකුණු 70ක් වාර්තා කිරීමට සමත් වුනා.

නායක Mayank Agarwal ලකුණු 52ක් රැස් කළ අතර Jitesh Sharma ලකුණු 31ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Basil Thampi කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 199ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 186ක් පමණයි

Mumbai Indians ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ යොවුන් ක්‍රීඩක Dewald Brevis පන්දු 25ක් තුල වෙගවත් ලකුණු 49ක් රැස් කල අතර Suryakumar Yadav ලකුණු 43ක් රැස් කළා.

පන්දු යැවීමේදී Odean Smith කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා. එමෙන්ම Mumbai Indians කණ්ඩායම මෙවර තරඟාවලියේ අඛන්ඩව ලැබූ 5 වන පරාජය ද මෙයයි.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button