Cricket NewsEXCLUSIVEIPL

භානුක රාජපක්ෂ වෙනුවට Punjab Kings කණ්ඩායමට කැඳවූ ජොනී බෙයාස්ටෝ ලකුණු 8කට දැවීයයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 16වන තරගය ලෙස Punjab Kings සහ Gujarat Titans කණ්ඩායම අතර තරඟය අද රාත්‍රියේ ආරම්භ වුනා.

Gujarat Titans හි නායකත්වය හර්දික් පාණ්ඩ්‍යා විසින් දරන අතර Punjab Kings හි නායකත්වය Mayank Agarwal විසින් දරනවා.

Punjab Kings කණ්ඩායම මේ වන විට තරඟ 3කට සහබාගි වී ඉන් තරඟ දෙකක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 5වන ස්ථානයේ පසුවනවා. Punjab Kings සහබාගි වූ මුල් තරඟ දෙකෙහිදීම Punjab Kings වෙනුවෙන් සටන්කාමී ඉනිම් දියත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සමත් වුනා. තෙවැනි තරඟයේදී ඔහු අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට හසු වුනා.

කෙසේ නමුත් අද දිනයේදී භානුක රාජපක්ෂගේ ස්ථානයට Jonny Bairstow ආදේශ වූ අතර ඒ හේතුවෙන් භානුක රාජපක්ෂට අද සිය ස්ථානය අහිමිව ගියා.

කෙසේ නමුත් භානුක රාජපක්ෂ වෙනුවට අද කණ්ඩායමට පැමිණි Jonny Bairstow හට අද දිනයේදී රැස් කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 8ක් පමණයි. ඔහු ඒ සඳහා පන්දු 8ක් වැය කල අතර Lockie Ferguson යැවූ පන්දුවකට Rahul Tewatia අතට උඩ පන්දුවක් ලබා දී ඔහු දැවී ගියා.

ඔහු දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7