Cricket NewsEXCLUSIVEIPL

බිඳ වැටුණු Punjab ඉණිම ශක්තිමත් කරමින්, මෙවර IPL තරඟාවලියේ දෙවන වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළ Liam Livingstoneගේ ගිණිකෙළි සැණකෙළිය.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 16වන තරගය ලෙස Punjab Kings සහ Gujarat Titans කණ්ඩායම අතර තරඟය අද රාත්‍රියේ ආරම්භ වුනා.

Punjab Kings කණ්ඩායම මේ වන විට තරඟ 3කට සහබාගි වී ඉන් තරඟ දෙකක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 5වන ස්ථානයේ පසුවනවා. Punjab Kings සහබාගි වූ මුල් තරඟ දෙකෙහිදීම Punjab Kings වෙනුවෙන් සටන්කාමී ඉනිම් දියත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සමත් වුනා. තෙවැනි තරඟයේදී ඔහු අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට හසු වුනා.

කෙසේ නමුත් අද දිනයේදී භානුක රාජපක්ෂගේ ස්ථානයට Jonny Bairstow ආදේශ වූ අතර ඒ හේතුවෙන් භානුක රාජපක්ෂට අද සිය ස්ථානය අහිමිව ගියා.

කෙසේ නමුත් භානුක රාජපක්ෂ වෙනුවට අද කණ්ඩායමට පැමිණි Jonny Bairstow හට අද දිනයේදී රැස් කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 8ක් පමණයි. ඔහු ඒ සඳහා පන්දු 8ක් වැය කල අතර Lockie Ferguson යැවූ පන්දුවකට Rahul Tewatia අතට උඩ පන්දුවක් ලබා දී ඔහු දැවී ගියා.

මෙහිදී බිඳ වැටුණු Punjab Kings ඉණිම ගොඩනැගීමේ බර කරට ගත් පසුගිය තරඟයේදීත් ජයග්‍රහණය කරා Punjab කණ්ඩායම මෙහෙය වූ Liam Livingstone සුපිරි සටන්කාමී ඉණිමක් දියත් කරනු ලැබුවා.

පන්දු 27ක් තූළ ක්‍රියාත්මක වූ Liam Livingstoneගේ ඉණිම ලකුණු 64කින් වර්ණවත් වූ අතර දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් එයට ඇතුලත් වුනා.

Punjab Kings ඉණිම සම්පුර්ණයෙන්ම Liam වටා ගොඩනැගුණු අතර ඔහුගේ ඉණිමේ ප්‍රහාරාත්මක වේගය 237.04ක්ලෙස සටහන් වුනා.

Liam Livingstoneගේ සටන්කාමී පිතිකරණයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button