Cricket NewsEXCLUSIVEIPLPremier League

දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 10ක් සමගින් මෙවර තරඟාවලියේ සිව් වන ශතකය වාර්තා කළ Jos Butlerගේ ගිණිකෙළි සැණකෙළිය.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර Rajasthan Royals සහ වනිඳු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore අතර ඊයෙ පැවති තීරණාත්මක Qualifier 2 තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Rajasthan Royals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 158ක් පමණයි.

ඒ අනුව ලකුණු 159ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Rajasthan Royals පිතිකරුවන් පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 161ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Rajasthan Royals වෙනුවෙන් විශිෂ්ට පිතිකරනයක් දියත් කරමින් මෙවර තරඟාවලියේ සිය 4වන ශතකය වාර්තා කල Jos Buttler පන්දු 60කදී වේගවත් ලකුණු 106ක් වාර්තා කළා. ඔහුගේ මෙම සටන්කාමී ශතකයට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 10ක් ඇතුලත් වුනා.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන Jos buttler මේ වන විට තරඟාවලිය තුල ශතක 4ක් ඇතුලුව මුලු ලකුණු 824ක් රැස් කරගෙන තිබෙනවා.

Royal Challengers Bangalore කණ්ඩායම සමග පැවති තීරණාත්මක තරඟයේ Jos Buttlerගේ ගිණිකෙළි සැණකෙළිය පහතින් නරඹන්න

<iframe src=”https://www.iplt20.com/video/46227/buttler-bosses-the-chase-with-a-magnificent-10660” name=”myiFrame” width=”1000px” height=”1000px” frameborder=”1″ marginwidth=”0px” marginheight=”0px” scrolling=”yes” allowfullscreen data-mce-fragment=”1″><span data-mce-type=”bookmark” style=”display: inline-block; width: 0px; overflow: hidden; line-height: 0;” class=”mce_SELRES_start”></span></iframe>

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7