Cricket NewsEXCLUSIVEIPLMatch Review

වනිඳු හසරංගගේ RCB කඩුලු 7කින් පරාජය කල Rajasthan Royals කණ්ඩායම මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගයට.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර Rajasthan Royals සහ වනිඳු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore අතර අද පැවති තීරණාත්මක Qualifier 2 තරඟයෙන් කඩුලු 7ක් විශිෂ්ට ජයක් වාර්තා කරමින් අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් Rajasthan Royals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 158ක් පමණයි.

Rajat Patidar පන්දු 42ක් තුල ලකුණු 58ක් රැස් කළා. නායක Faf du Plessis ලකුණු 25ක් රැස් කල අතර Glenn Maxwell ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේදී Prasidh Krishna සහ Obed McCoy කඩුලු 3 බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව ලකුණු 159ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Rajasthan Royals පිතිකරුවන් පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 161ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Rajasthan Royals වෙනුවෙන් විශිෂ්ට පිතිකනයක් දියත් කරමින් මෙවර තරඟාවලියේ සිය 4වන ශතකය වාර්තා කල Jos Buttler පන්දු 60කදී වේගවත් ලකුණු 106ක් වාර්තා කළා.Sanju Samson ලකුණු 23යි.

පන්දු යැවීමේදී Josh Hazlewood කඩුලු 2ක් සහ Wanindu Hasaranga කඩුලු 1ක් බිඳ හෙලුවා.

ඒ අනුව එළඹෙන ඉරිදා රාත්‍රියේ ⁣Gujarat Titans කණ්ඩායම සහ Rajasthan Royals කණ්ඩායම් අතර අවසන් මහා තරඟය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7