Cricket NewsEXCLUSIVESocial Reaction

“දුෂ්කර කාලය වැඩිකල් පවතින්නේ නෑ.. නමුත් දැඩි මිනිසුන් දිගු කාලයක් පවතිනවා“ – ශ්‍රී ලංකා කණ්ඩායමට AB de Villiersගෙන් විශේෂ සුභ පැතුමක්.!

මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ පෙරළියක් සිදු කළ දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම 6වන වරටත් ආසියානු කුසලාන ශූරතාවය ශ්‍රී ලංකාවට හිමි කර දෙනු ලැබුවේ අවසන් මහා තරඟයේදි ප්‍රභල පකිස්තානය පරාජය කරමිනි.

මෙම ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් දකුණු අප්‍රිකා හිටපු නායකයකු සහ Mr 360 ලෙසින් හඳුන්වන AB de Villiers ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම පෙරළිකාර ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට සුභ පැතුම් එක් කර තිබෙනවා.

ඔහු තැබූ ⁣සුභපැතුම් සටහනේ සිංහල පරිවර්තනයක් පහතින්,

ශ්‍රී ලංකා කණ්ඩායමේ අපූරු ජයග්‍රහණය වෙනුවෙන් මේ සටහන එක්කර සිටිනවා. ඔවුන්ගේ පන්දුරැකීමේ පුහුණුකරු වන ඇන්ටන් රොක්ස් මහතාගේ වචන වලින්ම කියනවනම් “ දුෂ්කර කාලය වැඩිකල් පවතින්නේ නැත, නමුත් දැඩි මිනිසුන් දිගු කාලයක් පවතිනවා“ සුභ පැතුම් යාලුවනේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7