Cricket NewsDomestic CricketEXCLUSIVE

තරුණ ක්‍රිකට් තරු සොයා යන “National Super League” පිටියේ කමිඳු මෙන්ඩිස් ලකුණු 800 සීමාව පසු කරයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය වූ ඊයේ (7 ) ක්‍රීඩාව නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි මහනුවර කණ්ඩායම සිය පළමු වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 288 ක් ලබා සිටියේය.

කඩුලු 2 කට ලකුණු 198 ක් ලෙස සටහන් වුණු මහනුවර ලකුණු පුවරුවේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 29 ක්ද ඕෂද ප්‍රනාන්දු ලකුණු 36 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටිති.

ඊයේ දිනයේ වූ සුවිශේෂීම සිදුවීම වනුයේ මහනුවර නායක කමිඳු මෙන්ඩිස් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ලකුණු 800 සීමාව පසු කිරීමට සමත්වීමයි.

අවසන් මහ තරගයට පෙර ලකුණු 799 ක් ලබා සිටි කැන්ඩි නායකයා අද දිනයේදී එක් ලකුණක් ලබා ගැනීමත් සමඟ එම සීමාව ඉක්මවාලූවේය.

මෙවර තරග වාරයේ 6 වැනි තරගයට ක්‍රීඩා කරන කමිඳු මේ වන විටත් රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 828 ක් වේ. මෙතෙක් තරගාවලියේ වැඩිම ශතක ලාභියා (04) බවට පත්ව සිටින කමිඳුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 82.80 ක් ලෙස සටහන් වන අතර ප්‍රහාරාත්මක වේගය 58.10 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දැවී ගිය පළමු කඩුල්ල වූයේ කමිල් මිශාර වන අතර ඔහු කඩුලු රැකි නිශාන් මදුශ්ක හමුවේ උඩ පන්දුවක් දී දැවී ගියේ

දිවා විවේකයෙන් පසු මිශාරට රැස් කරගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. පන්දු 126 කට මුහුණ දුන් වමත් පිතිකරුවා පිටියෙන් ඉවත් වන විට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 123 ක්ව පැවැතිණ.

උදෑසන වරුවේ පන්දු යවන්නන්ට එතරම් දායකත්වයක් ලබා නොදුන්නද දිවා භෝජනෙයන් පසු පන්දුවේ හැසිරීම දඟ පන්දු යවන්නන්ට වාසිදායක විය. එහිදී ප්‍රබල අභියෝගයක් ලබා දුන් නායක ධනංජය ද සිල්වා මෙතෙක් යවන ලද පන්දුවාර 61 න් 20 ක්ම ක්‍රියාත්මක කරන ලද්දේ තණතීරුවෙන් ලැබෙන දායකත්වය ප්‍රයෝජනයට ගනිමිනි.

බලාපොරොත්තු වූ පරිද්දෙන්ම කසුන් විදුරව දවා ගනු ලැබුවේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු කරමිනි. දිගින් දිගටම මැද ඉන්න ප්‍රදේශයට වැටී පිට ඉන්නෙන් ඉවතට දඟ කැවූ ධනංජය එකවරම කඩුල්ල තුළ වූ පන්දුවක් යොමු කරන ලද්දේ පිතිකරුවාට සිතා ගැනීමට අවස්ථාවක් නොතබමිනි.

ලකුණු 71 කදී තම සුන් විදුර තම කඩුල්ල අහිමිකර ගන්නා විට පන්දු 124 කට මුහුණ දී තිබුණේය.

අනතුරුව ඉනිමේ වගකීම කරට ගත් කමිඳු මෙන්ඩිස් සහ ඕෂධ ප්‍රනාන්දු තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩ නැංවූහ.

මන්දාලෝක තත්ත්වය හේතුවෙන් නියමිත වේලාවට පැයකට පමණ පෙර ක්‍රීඩාව නතර කිරීමට සිදුවිය. ඒ වන විට ඕෂධ ප්‍රනාන්දු හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 91 ක්ද, නායක කමිඳු මෙන්ඩිස් හතරේ පහර 3 ක් සමග ලකුණු 57 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ඔවුන් දෙදෙනා එක්ව මහනුවර කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 154 කි.

මහනුවර පළමු ඉනිම – 288/2 

කමිල් මිෂාර 56,
කසුන් විඳුර 71,
ඕෂධ ප්‍රනාන්දු 91*,
කමිඳු මෙන්ඩිස් 57*,

ධනංජය ද සිල්වා 70/2

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button