Cricket NewsEXCLUSIVEIPL

භානුක රාජපක්ෂගේ Punjab Kingsට එරෙහිව හර්දික් පාණ්ඩ්‍යාගේ Gujarat Titans තරඟ වදින IPL පිටියේ 16වන තරඟය අදයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 16වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Gujarat Titans කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Gujarat Titans හි නායකත්වය හර්දික් පාණ්ඩ්‍යා විසින් දරන අතර Punjab Kings හි නායකත්වය Mayank Agarwal විසින් දරනවා.

Punjab Kings කණ්ඩායම මේ වන විට තරඟ 3කට සහබාගි වී ඉන් තරඟ දෙකක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 5වන ස්ථානයේ පසුවනවා. Punjab Kings සහබාගි වූ මුල් තරඟ දෙකෙහිදීම Punjab Kings වෙනුවෙන් සටන්කාමී ඉනිම් දියත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සමත් වුනා. තෙවැනි තරඟයේදී ඔහු දුවද්දී දැවී යාමකට හසු වුනා.

කෙසේ නමුත් අද තරඟයට Jonny Bairstow ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවින් භානුක රාජපක්ෂගේ ස්ථානය අද තරඟයට අවිනිශ්චිත වී තිබෙනවා. කෙසේ නමුත් Odean Smith වෙනුවට අද තරඟයට භානුක රාජපක්ෂ ක්‍රීඩා කිරීමට ඉඩක් පවතින බව විචාරකයන් පෙන්වා දෙනවා.

මෙවර තරඟාවලියට අලුතින්ම එක් වූ කණ්ඩායමක් වන Gujarat Titans හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වයක් යටතේ තරඟ වදින අතර ඔවුන් මේ වන විට සහබාගි වූ තරඟ දෙකම ජයග්‍රහණය කරමින් අපරාජිතව පසු වනවා.

ඒ අනුව Gujarat Titans සහ Punjab Kings අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Punjab Kings –

Jonny Bairstow, Shikhar Dhawan, Liam Livingstone, Mayank Agarwal (c), Shahrukh Khan, Jitesh Sharma (wk), Kagiso Rabada, Odean Smith or Bhanuka Rajapaksha, Vaibhav Arora, Rahul Chahar, Arshdeep Singh

Gujarat Titans –

Matthew Wade (wk), Shubman Gill, Hardik Pandya (c), Vijay Shankar, Rahul Tewatia, David Miller, Rashid Khan, Abhinav Manohar, Varun Aaron, Lockie Ferguson, Mohammed Shami

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button