Cricket NewsEXCLUSIVEInternational

සැප්තැම්බරයේ ලොව විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් පත්වේ

සැප්තැම්බර් මාසයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සම්මානයට පාත්‍ර වී තිබේ. 2024 වසර තුළදීම, ‘මාසයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය කමිඳු විසින් දිනාගන්නා ලද දෙවැනි අවස්ථාව මෙයයි.

2024 මාර්තු මාසයේදීත් ඔහු මාසයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගත්තේ බංග්ලාදේශ සංචාරයේදී දැක්වූ දස්කම් හේතුවෙනි. බංග්ලාදේශයේදී ටෙස්ට් ඉනිම 4 කින් ලකුණු 367 ක් ලබාගත් කමිඳුගේ එම සංචාරයේ සාමාන්‍යය ලකුණු 122.33 කි.

සැප්තැම්බර් මාසයේදී ඉතා හොඳින් දස්කම් අතර සිටි ප්‍රභාත් ජයසූරිය (ටෙස්ට් කඩුලු 19 ක්) සහ ඕස්ටේ්‍රලියානු පිතිකරු ට්‍රැවිස් හෙඩ් පසෙකට තල්ලු කරමින් කමිඳු මෙන්ඩිස් මෙම සම්මානය දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button