හිටපු නායක කේන් විලියම්සන් යළි ටෙස්ට් සංචිතයට කැඳවයි
නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක කේන් විලියම්සන් ආබාධයකින් සුවය ලැබීම හේතුවෙන් යළි ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ.
නවසීලන්ත පිල අවසන් වරට ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලියට විලියම්සන් එක්ව නොසිටියේය.
එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සීමිත ඕවර තරගාවලි ද්විත්වයට එක් නොකර විවේක ගන්වා සිටි නායක ටොම් ලේතම් සමඟ ටොම් බ්ලන්ඩල්, ඩැරල් මිචෙල්, විල් ඕ’රූක්, රචින් රවින්ද්‍ර සහ ටිම් සවුති ද එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත මේ ටෙස්ට් තරගාවලියට නම් කර තිබේ.
එංගලන්තය සහ නවසීලන්තය අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 28 වැනිදා ක්රයිස්චර්ච්හිදී ආරම්භ වන අතර, මේ තරගාවලිය අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වේ.
නවසීලන්තයට ලෝක ශූරතාවලියේ අවසන් තරගයට එක්වීමට අවස්ථාව නොලැබෙන්නේ නම් මේ තරගාවලියෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව වේග පන්දු යවන ටිම් සවුති පසුගියදා නිවේදනය කළේය.