Cricket NewsEXCLUSIVE

නම් දැරූ ඉදිරිපෙළ පිතිකරුවන්ටත් වඩා පිත්තෙන්ද සුපුරුදු පන්දුවෙන් ද සිය කණ්ඩායමට සහයක් වූ කසුන් රාජිත.!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති විස්සයි-20 සහ එක්දින තරඟාවලියකින් සමන්විත තරඟ සංචාරය අදින් අවසන් වුයේ තරඟාවලි ද්විත්වයේම පරාජය ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් කරමිනි.

විස්සයි-20 තරගාවලිය 2-1ක් ලෙස ඉන්දියාව ජය ගත් අතර එහි ශ්‍රී ලංකාව ජයගත් තරඟය මෙම තරග සංචාරයේ ශ්‍රී ලංකාව ජයගත් එකම තරඟය වනවා. එක්දින තරඟාවලියේ අද පැවති අවසන් තරඟය ත් සමග 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුනා.

මෙම තරඟාවලිය පුරාවට බොහෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය කැපී පෙනුණු අතර බොහෝ නම් දැරූ පිතිකරුවන්ට වඩා පන්දු යවන්නෙක් ලෙස සිය සේවය කණ්ඩායමට සපයන කසුන් රාජිතගෙන් පිතිකරණය ඉහළ මට්ටමක තිබුවා.

කසුන් රාජිත මෙම එක්දින තරඟාවලිය පුරාවට පන්දු යවන්නෙක් ලෙස මේ තරගාවලියේ කඩුලු 7ක් දවා ගැනීමට සමත් වු අතර ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී එක්දින තරගාවලියක් තුල වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් ශ්‍රි ලංකා පන්දු යවන්නා බවටද පත් වුනා.

එමෙන්ම පිතිකරුවෙක් ලෙස මේ තරගාවලියේ (9*,17*,13*) ක්‍රීඩා කල ඉනිම් තුනේම නොදැවී හිටපු එකම ශ්‍රි ලංකා පිතිකරුවා බවටද පත් වඋයේ කසුන් රාජිතයි.

පළමු එක්දින තරඟයේ දසුන් ශානකගේ ශතකය පසු පස සිටි ශක්තිමත් සෙවනැල්ලද කසුන් රාජිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7