Cricket NewsEXCLUSIVESocial Reaction

“ජය, පරාජය ක්‍රීඩාවේ කොටසක්, අපේ කණ්ඩායම පසුගිය වසර පුරාවටම හොදින් ක්‍රීඩා කළා. අපි නිසැකවම නැගී එන කණ්ඩායමක්. අපි නැවත මුල සිට පටන්ගෙන ඉතා වැදගත් නවසීලන්ත සංචාරයට හොදින් සූදානම් විය යුතුයි.” – ලසිත් මාලිංග

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති විස්සයි-20 සහ එක්දින තරඟාවලියකින් සමන්විත තරඟ සංචාරය අදින් අවසන් වුයේ තරඟාවලි ද්විත්වයේම පරාජය ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් කරමිනි.

විස්සයි-20 තරගාවලිය 2-1ක් ලෙස ඉන්දියාව ජය ගත් අතර එහි ශ්‍රී ලංකාව ජයගත් තරඟය මෙම තරග සංචාරයේ ශ්‍රී ලංකාව ජයගත් එකම තරඟය වනවා. එක්දින තරඟාවලියේ අද පැවති අවසන් තරඟය ත් සමග 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුනා.

මේ සම්බන්දයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් ලෙසින් සැලකෙන හිටපු විශිෂ්ට වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග විශේෂ සමාජ මාධ්‍ය සටහනක් පළ කරමින් මෙලෙස අදහස් පල කර තිබෙනවා.

“ජය, පරාජය ක්‍රීඩාවේ කොටසක්. ඒවාට කණ්ඩායමක් සහ එහි ක්‍රීඩකයින් මුහුණ දෙන ආකාරය ඔවුන්ගේ චරිත ස්වභාවය නිර්වචනය කරයි. අද ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිම දෙයක් නිසිලෙස ක්‍රියාත්මක වුණේ නැහැ නමුත් අපේ කණ්ඩායම පසුගිය වසර පුරාවටම හොදින් ක්‍රීඩා කළා. අපි නිසැකවම නැගී එන කණ්ඩායමක්. අපි නැවත මුල සිට පටන්ගෙන ඉතා වැදගත් නවසීලන්ත සංචාරයට හොදින් සූදානම් විය යුතුයි. දසුන් ශානක ඇතුලූ ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේදී හොද දක්ෂතා දක්වනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.”

එම සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7