Cricket NewsEXCLUSIVE

“සුන්දරම මිනිසුන් ජීවත් වන දිවයිනට සුභ නිදහස් දිනයක්” – කෙවින් පීටර්සන් ශ්‍රී ලංකාව වෙනුවෙන් තැබූ ආදරණීය සටහන.!

රටක් වශයෙන් ශ්‍රී ලංකාවට අද දවස ඉතාමත් වැදගත් දිනයක්, ඒ ශතවර්ෂ ගණනාවක් ශ්‍රී ලංකාව පාලනය කළ පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසි යන පාලකයන් ගෙන් ශ්‍රී ලංකාව නිදහස් කර ගනිමින් 1948 වසරේ පෙබරවාරි 4 වනදා ස්වාධීන නිදහස් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකා ජනරජයක් බිහි වූ දිනය නිසාවෙනි.

එම නිදහස් දිනය සමරන අද දිනයේ රාජ්‍ය නිදහස් උත්සවය ද නිදහස් චතුරස්‍රය කේන්ද්‍රකරගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රිකට් වෙබ් අඩවියක් වන අප මෙම සටහන වෙන් කරනු ලබන්නේ එංගලන්ත ජාතික සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකාව වෙනුවෙන් තැබූ විශේෂ සටහනක් වෙනුවෙනුයි.

එංගලන්තයෙන් බිහිවූ මෙම සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා අන් කවරෙක් හෝ නොව ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසකයන්ගේ පවා ගෞරවයට පාත්‍ර වන කෙවින් පීටර්සන්ය.

ඔහු අදට යෙදී තිබෙන ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දිනය වෙනුවෙන් විශේෂ සටහනක් සිය Twitter සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ සුන්දරම මිනිසුන් ජීවත් වන ශ්‍රී ලංකාවට සුභ නිදහස් දිනයක් වේවා යන්නයි, එසේම සංචාරයේදී අවදි වන මොහොතේ සිට නින්දට යන මොහොත දක්වාම සිනහවෙන් පිරී ඉතිරී යන රටක් ලෙසත් ඔහු නම් කර තිබෙනවා.

එමෙන්ම ඔහුගේ ප්‍රියතම රටක් ලෙසද ශ්‍රී ලංකාව සඳහන් කර තිබෙන කෙවින් පීටර්සන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් නම් එතරම් පහසු නොවන කණ්ඩායමක් ලෙසට ද ශ්‍රී ලංකාව හඳුන්වා තිබෙනවා.

කෙවින් පීටර්සන් තැබු එම විශේෂිත ට්විටර් පණිවිඩය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button