Cricket NewsEXCLUSIVE

“සුරංග ලක්මාල් විශිෂ්ට පන්දු යවන්නෙක්, ඔහුව ඩර්බිශයර් කණ්ඩායමට ගෙන ඒමට හැකි වීම විශාල දෙයක්” – මිකී ආතර්

ඉකුත් 2 වැනිදා සුරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් තමන් ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට නියමිත බවය.

ඒ බව සනාත කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිල වශයෙන් නිවේදනයක් නිකුත් කලේය.

බොහෝ කලක පටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් තරඟ ආකෘතියේ කොඳුනාරටිය වූ ලක්මාල්ගේ පන්දුයැවීමේ විශිෂඨත්වය හා අත්දැකීම් කෙතරම් දුරට ඩර්බිශ‍යර් ක්‍රීඩකයන් හට උපකාරී වනවාද යන්න පිලිබඳව සඳහන් කරමින් හිටපු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණු කරු මිකී ආතර් කියා සිටියේ,

“සුරංග පන්දු යැවීම අතින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටයන් අතර සිටින ක්‍රීඩකයෙක්, ඔහුව Derbyshire කණ්ඩායමට ගෙන ඒමට හැකි වීම විශාල දෙයක්. Derbyshire සඳහා අපිට විශාල සැලසුම් තියෙනවා වගේම ලක්මාල් ජාත්‍යන්තර පිටියෙන් සමුගෙන ක්‍රීඩා සමාජයට එක්වීම ගත් තීරණයෙන් ඔහු අනෙකුත් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් වගේම එම සැලසුම් පිළිබඳව උනන්දුවක් දක්වනවා කියලා පෙන්නුම් කරනවා.

ඔහු මගේ ප්‍රමිතීන් දන්නවා වගේම පිටියේ දී සහ ඉන් පිටත දී ක්‍රීඩකයින්ට ආදර්ශයක් ලබා දීමට ඔහුට හැකියි. ඒ වගේම ඔහුගේ පන්දු යැවීමේ ගුණාත්මක බව අපට ඉහළට යාමට විශාල සහයක් ලබා දෙනවා”.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සහ ඩර්බිශයර් සමඟ එක්වීම පිළිබඳව අදහස් දක්වමින් සුරංග ලක්මාල් ප්‍රකාශ කර සිටියේ,

“ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කිරීම මට බොහෝ කාලයක් තිස්සේ ඕන වෙලා තිබ්බ දෙයක් වගේම නැවතත් Mickey Arthur සමඟ වැඩ කරන්න ලැබෙන එක මට කොහොමටවත් ප්‍රතික්ෂේප කරන්න බැරි දෙයක්.

මම මගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ගත කළ සෑම තත්පරයකටම ගොඩක් ආදරේ කරනවා. ඒ වගේම මට මගේ සිහිනය තුළ ජීවත් වීමට ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකාවට ස්තුතිවන්ත වෙනවා.

මම හිතනවා මගේ මේ අලුත් අභියෝගයට මගේ අත්දැකීම් රැගෙන යන්න පුළුවන් කියලා. ඒ වගේම ඩර්බිශයර් හී සිටින නවක පන්දු යවන්නන්ට උදව් කරන්න පුළුවන් කියලා”.

යනුවෙන් ලක්මාල් එහිදී සඳහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button