Cricket NewsEXCLUSIVE

කගීසෝ රබාඩා හා ලුන්ගි න්ගිඩි එක්ව පන්දුවාර දෙකකදී ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් හයදෙනෙක් ක්‍රීඩාගාරයට හරවා යවයි !

ඉන්දු දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය අදයි.විශේෂත්වය වන්නේ පළමු දිනය නිමාවන්නටත් පෙර කණ්ඩායම් ද්විත්වයේම පළමු ඉනිම් අවසන් ව තිබීමයි.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාණුවන්ට රැස් කරගන්නට හැකි වූයේ ලකුණු 55 ක් පමණයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ මොහොමඩ් සිරාජ් තම ටෙස්ට් දිවියේ හොඳම පන්දුයැවීම අද වාර්ථා කලේ ලකුණු 15 කට කඩුලු 6 ක් බිඳ දමමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දියාවට රැස් කරගන්නට හැකිවූයේ ලකුණු 153 ක් පමණයි.

කඩුලු 4 ක් දැවී ලකුණු 153 ක් රැස් කරගෙන සිටි ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුලු 6 පන්දුවාර දෙකක් තුල බිඳ දමන්නට කගිගෝ රබාඩා හා ලුන්ගි න්ගිඩ් සමත් වූයේ එක්දු ලකුණක් හෝ ලබා නොදෙමින් ඒ අනුව ඉන්දීය කණ්ඩායම සියල්ලන් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 153 ක්!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button