Cricket NewsEXCLUSIVE

ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව විශිෂ්ඨ ඉනිමක් දියත් කල ඒඩ්න් මාක්‍රම්ගෙන් ශතකයක් ! හුදෙකලා ඉනිම වාර්ථා පොත් අලුත් කරයි !

ටෙස්ට් පිටියේ වාර්ථා රැසක් අලුත් කරමින් ඉන්දු දකුණු අප්‍රිකානු දෙවන ටෙස්ට් තරඟය අද නිමාව දකිනු ඇත.ටෙස්ට් තරඟයක් දින දෙකක් තුල ඉනිම් හතරක් අවසානයේ නිමාව දකිනුයේ බොහෝ කලකට පසුව වීම විශේෂත්වයක්.

ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 98 ක් පසු පසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානුවන්ට ජැස්ප්‍රිට් බුම්‍රා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන් හමුවේ රැස් කිරීමට හැකිවූයේ ලකුණු 176 ක් පමණයි.

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම පුරාවටම හුදෙකලා සටනක් දියත් කල ඒඩ්න් මාක්‍රම් පන්දු 103 කදී ලකුණු 106 ක් රැස් කලේ කණ්ඩායමේ අනෙක් එකදු පිතිකරුවෙකු හෝ ලකුණු 12 සීමාව පසු කර යාමට අපොහොසත් වූ ඉනිමක ශතකයක් රැස් කල ලොව පළමු පිතිකරුවා වෙමින්.

මාක්‍රම්ගේ ඉනිම හතරේ පහර 17 ක් හා හයේ පහර දෙකක් ද සමඟින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
1
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button