Cricket KnowledgeEXCLUSIVE

පෞද්ගලික වාර්තා ගැන නොසිතා රට ගැන හිතන නුතන ක්‍රිකට් පිටියෙ රජු විරාට් කෝලි, දකුණු අප්‍රිකාව සමග දෙවන විස්සයි විස්ස තරගයේදි සිදු කලේ අපූරු වැඩේ..

විරාට් කෝලි දකුණු අප්‍රිකාව සමග පැවති දෙවෙනි විස්සයි විස්ස තරගයේදී පන්දු 28කින් නොදැවී ලකුණු 49ක් රැස් කරනවා. ඊට කෝලි අලංකාර හතරේ පහරවල් 7ක් සහ දර්ශනීය හයේ පහරකින් සිය ඉනිම විචිත්‍රවත් කරනවා.

මේ තරගයේ ඉන්දීය ඉනිමේ අවසාන පන්දුවාරයේ සිව්වෙනි පන්දුවට පහර දුන්නු දිනේෂ් කාර්තික් හයේ පහරක් ලබා ගන්නවා.

ඔය වෙලාවේ කඩුල්ලේ අනිත් පස විරාට් කෝලි ලකුණු 49ක් ලබාගෙන නොදැවී ක්‍රීඩා කරනවා. ඉන්දීය ඉනිමේ පන්දුවට පහර දෙන්න තවත් ඉතිරි වී ඇත්තේ පන්දු දෙකක් විතරයි. ඒ වෙලාවේ ඉන්දියාව ලකුණු 230ක් ලබාගෙන හොද ලකුණු පුවරුවක් නිර්මාණය කරගෙන හිටියේ. ඉතිං හොද අවස්ථාවක් තිබුනා කෝලිට ලේසියෙන්ම තමන්ගේ අර්ධ ශතකය වෙත යන්න.

ඔය වෙලාවේ දිනේෂ් කාර්තික් කෝලි ලගට ගිහින් අහනවා තමන්ගේ අර්ධ ශතකය රැස් කර ගන්න අවස්ථාවක් දෙන්නද කියලා. කෝලි තමන්ගේ අර්ධ ශතකය අමතක කරලා රට වෙනුවෙන් උපරිම දේ ගන්න උත්සහ කරා. අනතුරුව ඊලග පන්දුවට කාර්තික් නැවතත් දර්ශනීය හයේ පහරක් ලබා ගන්නවා.

ඉනිමේ අවසාන පන්දුවට එක ලකුණකට පැති මාරු කරගෙන අන්තිම පන්දු දෙකේදී ලකුණු හතක් රැස් කරා.
අවසානයේ ඉන්දියාව මේ තරගය දිනන්නේ ලකුණු 16කින්. සමහරවිට කෝලි ඒ වෙලාවේ තමන්ගේ අර්ධ ශතකය ගැන හිතන්න ගියා නම් ඉන්දීය ලකුණු පුවරුවෙන් තවත් ලකුණු කිහිපයක් අහිමි වෙන්න තිබුනා.

එහෙම වුනා නම් මේ තරගය තවත් තියුණු වෙන්න තිබුනා. හැබැයි කෝලි තමන්ගේ පුද්ගලික කඩයිම් වලට වඩා රට ගැන හිතුවා. මං කෝලිගේ හරි ආසම දේ මේක, ලංකාවේ සමහරුන්ට නම් කෝලිව එච්චර දිරවන්නේ නැ. හැබැයි විරාට් කෝලි කියන්නේ මාරම ටීම් ප්ලෙයර් කෙනෙක්… එයාට ම රා ගෙ න මැ රි ලා හරි කමක් නෑ කොහොම හරි තරගය දිනන්න ඕනි.♥️✊

✍️ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7