Cricket NewsEXCLUSIVEInternational

කාන්තා ආසියානු කුසලනයේ, තායිලන්තයට එරෙහිව හර්ෂිතා සමරවික්‍රම පන්දු 69කින් ලකුණු 81 ක් ලබා ගනිමින් ශ්‍රි ලංකා කණ්ඩායමට ශක්තිමත් අඩිතාලමක් ලබා දෙයි.

කාන්තා ක්‍රිකට් කියන්නේ චමරි අතපත්තුම නෙමෙයි. මේ ඉන්නේ තවත් කෙනෙක්, නම හර්ෂිතා මාදවී සමරවික්‍රම කියලා, මෙයාගේ වයස තාම අවුරුදු 24යි.

ඔව්… පවර් හිටර් කෙනෙක් නම් නෙමෙයි. හැබැයි ලස්සනට එයාගේ ස්කිල් එකෙන් ගැප් බලලා ලකුණු හොයනවා. අද එයාගේ විස්සයි විස්ස පිටියේ හොදම ඉනිම දියත් කරනවා.

හර්ෂිතා අද පිත්තෙන් ලකුණු 81ක් රැස් කරනවා. ඊට වැය වෙන්නේ පන්දු 69යි. මේ ලකුණු 81න් ලකුණු 40ක්ම මෙයා ලබා ගන්නේ හතරේ පහරවල් වලින්. අලංකාර හතරේ පහරවල් 10ක් එල්ල කරනවා.

මෙයා ගහපු ගේම් එක මාරම ලස්සනයි.
පලවෙනි පවර්ප්ලේ එකේ ඉදන් ඇටෑක් කරන්න බැලුවා. චමරි අද ටිකක් නිහඬ වෙලා ක්‍රීඩා කරේ. චමරි කියන්නේ ඕනි වෙලාවක ලයින් එක ක්ලියර් කරන්න පුළුවන් ප්ලෙයර් කෙනෙක්. ඉතිං ඒක නිසා අද හර්ෂිතා පවර්ප්ලේ එකේ වාසිය උපරිම අරගෙන ගැප් වලින් ලකුණු හොයන්න ගත්තා. මොකද හර්ෂිතාට හොද ආරම්භයක් ගන්න ලේසිම විදිහ මේක. එහා පැත්තේ චමරි ඉන්න නිසා එයාට පුළුවන් ඕනි වෙලාවක බවුන්ඩ්‍රියක් ගහලා ලයින් එක ක්ලියර් කරලා දෙන්න.

අද චමරි එක්ක හර්ෂිතා හොද ආරම්භක සබදතාවක් දානවා. ලකුණු 63ක සබදතාවක් පලවෙනි කඩුල්ලට මේ දෙන්නා දානවා. ඊට පස්සේ නිලක්ෂි. පන්දු 21කින් නොදැවී ලකුණු 39ක් රැස් කරා. හර්ෂිතා නිලක්ෂි ක්‍රීඩා කරද්දි දැකපු හොදම දේ තමයි මේ දෙන්නා පන්දුවාරයක් පටන් ගද්දි පලවෙනි බෝලෙටම බවුන්ඩ්‍රියක් ගහන්න බැලුවා. ඒ කරලා නිකන් හිටියේ ඉතිරි පන්දු වලට ස්ට්‍රයික් එක රොටේට් කරලා හැම වෙලාවෙම පන්දුවාරයකට ලකුණු 10ක් විතර ලබා ගන්න උත්සහ කරා.

හර්ෂිතා අද තනිකරම ක්‍රීඩා කලේ එයාගේ ස්කිල් එකෙන්,
ඒ නිසාමයි එයාට එයාගේ දෙවෙනි ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය වගේම එයාගේ පෞද්ගලික වැඩිම ලකුණු සංඛ්‍යාව ‍රැස් කරන්න හැකි වුනේ. අද විතරක් නෙමෙයි. පෙර තරගයෙත් මෙයා පිත්තෙන් ලකුණු 37ක් රැස් කරලා ශ්‍රි ලංකාව වෙනුවෙන් ඒ තරගයේ වැඩිම ලකුණුලාභියා වෙනවා.

මේ අලංකාර ඉනිම නිසාම ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කන්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 156ක් රැස් කරන්න පුළුවන් වෙනවා. අන්තිමට ලකුණු 120ක්වත් ගහන්න බැ කියපු එවුන් චමරි අසාර්ථක වෙද්දිත් ලකුණු 156ක් රැස් කරනවා.

Well Played Madavi ❤️🙌
✍️ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button