Cricket NewsEXCLUSIVEIPLMatch Review

Rajasthan Royals කණ්ඩායම කඩුලු 7කින් පරාජය කළ KKR තව දුරටත් තරඟාවලියේ තම ස්ථානය තහවුරු කර ගනී.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 47වන තරගය ලෙස Rajasthan Royals කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායමත් අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Kolkata Knight Riders නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 152ක් රැස් කිරීමට සමත් වුණා.

Rajasthan Royals වෙනුවෙන් නායක Sanju Samson පන්දු 49කදී ලකුණු 54ක් වාර්තා කිරීමට සමත් වුනා. Shimron Hetmyer ලකුණු 27ක් රැස් කළ අතර Jos Buttler ලකුණු 22ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Tim Southee කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 153ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන් පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 158ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Nitish Rana පන්දු 37ක් තුල ලකුණු 48ක් රැස් කල අතර Rinku Singh ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවීමේදී Trent Boult, Prasidh Krishna සහ Kuldeep Sen කඩුලු එක බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button