Cricket NewsEXCLUSIVEIPL

KKR සහ RR තරඟය අතරතුර RR ක්‍රීඩක Prasidh Krishna යොමු කළ පන්දුව වැදුණු Trent Boult පිටිය මත ඇද වැටෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 47වන තරගය ලෙස Rajasthan Royals කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායමත් අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Kolkata Knight Riders නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 152ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders කණ්ඩායම මේ වන විට එම ඉලක්කය හඹා යමින් සිටිනවා.

එම තරඟය අතරතුර සුවිශේෂී සිදුවීමක් සිදු වුනා. ඒ Kolkata Knight Riders පිතිකරුවන් ක්‍රීඩා කරමින් සිටි අවස්ථාවේ Trent Boult විසින් යොමු කල දෙවන පන්දුවාරයේ පළමු පන්දුවටයි.

එහිදී පිතිකරණයේ දී සිටි Aaron Finch පහරක් එල්ල කරමින් ලකුණක් සඳහා පැති මාරු කරගැනීමේදී ක්ෂණයෙන් පන්දුව රැකගත් Rajasthan Royals ක්‍රීඩක Prasidh Krishna විසින් කඩුල්ලට පන්දුව යොමු කිරීමේදී එම පන්දුව Trent Boultගේ පදයේ වැදී ඔහු බිම ඇද වැටීමයි.

කෙසේ නමුත් මෙහිදී කිසිදු ක්‍රීඩකයකුට හානියක් සිදු වුනේ නැහැ.

එම සිද්දිය දැක්වෙන වීඩියෝ පටය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7