Cricket NewsEXCLUSIVEIPLMatch Review

Andre Russellගේ සුපිරි තුන් ඉරියව් දස්කම් හේතුවෙන් SRHට එරෙහිව KKRට ලකුණු 54ක ජයක් – Sunrisers තරඟාවලියෙන් ඉවතට.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ තවත් තීරණාත්මක තරඟයක් ලෙසින් 61න තරගය ලෙස Kolkata Knight Riders කණ්ඩායම සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 54ක ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුනා. මෙම පරාජයත් සමග Sunrisers Hyderabad කණ්ඩායමේ අවසන් වටයේ බලාපොරොත්තු ද අවසන් වී ගියා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Kolkata Knight Riders නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Kolkata Knight Riders කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 177ක් රැස් කිරීමට සමත් වුණා.

Kolkata Knight Riders වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Andre Russell පන්දු 28කදී ලකුණු 47ක් වාර්තා කිරීමට සමත් වුනා.ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ඇතුලත් වුනා.

Sam Billings ලකුණු 34ක් රැස් කළ අතර Ajinkya Rahane ලකුණු 28ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Umran Malik කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 178ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 123ක් පමණයි

Sunrisers Hyderabad ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Abhishek Sharma පන්දු 28ක් තුල වෙගවත් ලකුණු 43ක් රැස් කල අතර Aiden Markram ලකුණු 32ක් රැස් කළා.

පන්දු යැවීමේදී Andre Russell කඩුලු 3ක් බිඳ හෙලු අතර Tim Southee කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. තරඟයේ වීරයා සම්මානය Andre Russellහට හිමි වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button