Cricket NewsEXCLUSIVEWoman Cricket

චමරි අතපත්තුගේ විශිෂ්ඨ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් Falcons කණ්ඩායම ඩුබායි Fairbreak තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගනී.!

පළමු වරට සංවිධානය කරන ඩුබායි Fairbreak ආරාධිත කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරඟය අද ෆැල්කන්ස් කණ්ඩායම හා ස්පිරිට් කණ්ඩායම් අතර අද ඩුබායි හිදී පැවැත්වුණි.

කාසියේ වාසිය දිනාගනිමින් පළමු අවසන් පූර්ව තරඟයේ මුලින්ම පන්දුවට පහර දෙන්නට ෆැල්කන්ස් නායිකා සුසී බේට්ස් මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කලේය.

පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ෆැල්කන්ස් පිල වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ඩැනී වයිට් සමඟින් චමරි අතපත්තු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 132 ක් එක් කලේය.

දිගින් දිගටම ලකුණු අතර සිටි චමරි අතපත්තු ලකුණු 62 කට දැවී ගියේ එක්ල්ස්ටෝන් ගේ පන්දුවක් හමුවේය.හතරේ පහර 7 ක් අනතර්ගත වූ එම ඉනිමට හයේ පහර 2 ක් අන්තර්ගත විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ වයිට් හතරේ පහර 11 ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 83 ක් රැස් කල අතර ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 172 ක් රැස් කලේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය ස්පිරිට් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 147 ක් පමණි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සොෆීයා ඩන්ක්ලි ලකුණු 45 ක් රැස් කලේය.පන්දු යැවීමේදී ෆැල්කන්ස් පිල වෙනුවෙන් අන්ජු ගුරුන්ග් කඩුලු දෙකක් බිඳ දැමුවාය.ස්පිරිට් නායිකා නිකොලා කේරිගේ කඩුල්ල චමරි අතපත්තු විසින් බිඳ හෙලීය.

අවසන් පූර්ව තරඟය ලකුණු 25කින් ජයගන්නට ෆැල්කන්ස් පිල සමත්කම් කීවේය.තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගන්නට ඩැනී වයිට් සමත් විය.

මෙවර තරඟාවලියේ ලකුණු ලාභීන් අතර තවදුරටත් පෙරමුණ තහවුරු ගන්නට චමරි අතපත්තු සමත් විය. ඒ මෙවර තරඟාවලියේ ඉනිම් හයකදී ලකුණු 304 ක් රැස් කරමිනි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7