Cricket NewsEXCLUSIVEIPL

Virat Kohli, Faf, Maxwell, වනිඳු ඇතුළු සුපිරි තරු රැසකගෙන් සමන්විත RCB පරාජය කරමින් KKR යොවුන් ක්‍රීඩකයන් පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කරයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 36වන තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 21ක ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට Kolkata Knight Riders වෙත ආරාධනා කළා.

එ අනුව පන්දුවට පහර දුන් Kolkata Knight Riders කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 200ක් රැස් කිරීමට සමත් වුණා.

Kolkata Knight Riders වෙනුවෙන් Jason Roy පන්දු 29කදී ලකුණු 56ක් වාර්තා කිරීමට සමත් වුනා.

Nitish Rana ලකුණු 41ක් රැස් කළ අතර Venkatesh Iyer ලකුණු 31ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් වනිඳු හසරංග කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 201ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 179ක් පමණයි

Royal Challengers Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Virat Kohli පන්දු 37ක් තුල ලකුණු 54ක් රැස් කල අතර Mahipal Lomror ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේදී Varun Chakaravarthy කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
3
+1
0
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button