Cricket NewsEXCLUSIVELPLPremier League

නාමය හා හිමිකාරීත්වය යලිත් වෙනස් කරමින් මෙවර LPL තරඟාවලියට එන Colombo Strickers !

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පවත්වනු ලබන ප්‍රමුඛතම විස්සයි විස්ස ලීගය වන්නේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියයි.මේ වසරේ ජූලි 30 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ලංකා ප්‍රිමියර් ලීගයේ සිව්වැනි සංස්කරණයයි.නිමාව දුටු සංස්කරණයන් තුනෙහිදීම අවම වශයෙන් එක් කණ්ඩායමක හිමිකාරීත්වය හෝ කණ්ඩායම් නාමය වෙනස් විය.එසේ නොවෙනස් වූ එකම කණ්ඩායම වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

කෙසේ නමුත් මේ වසරේදීද කලම්බු සටාර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය හා කණ්ඩායම් නාමයද වෙනස්ව ඇති බව සඳහන්.එම නව කණ්ඩායම Colombo Strikers නමින් තරඟ වදින බව සඳහන්.

සොෆ්ට්ලොජික් සමාගම අවසන් වසරේදී කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය දැරූ මුත් මෙවර තරඟාවලියේ සිට ඔවුන්ගේ හිමිකාරීත්වය දරණුයේ ඇමෙරිකානු සමාගමක් වන Skky But Wholesale Inc නම් ව්‍යාපාරය අයත් Sagar Khanna නම් ඉන්දියනු ජාතික ව්‍යාපාරිකයා විසිනි.

ඔහු මීට පෙර අබුඩාබි T10 තරඟාවලියේ කණ්ඩායමකද හිමිකාරීත්වය ඉසිළූ අයෙක් වීමද විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
9
+1
1
+1
9
+1
1
+1
3
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button