Cricket NewsEXCLUSIVEIPL

Mumbai Indians පන්දු රකින්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කළ KL රාහුල්ගේ ගිණිකෙළි සැණකෙළිය විරාට් කෝලිට පමණක් හිමිව තිබු වාර්තාවක් බිඳ හෙළයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 37වන තරගය ලෙස Lucknow Super Giants කණ්ඩායම සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 36ක ජයක් හිමිකර ගැනීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Mumbai Indians ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Lucknow Super Giants කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 169ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 132ක් පමණයි

මෙහිදී Lucknow Super Giants කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩිම දායකත්වයක් ලබා දෙනු ලැබුවේ නායක KL රාහුල් විසිනුයි. පිතිකරණ බලඇණියේ වගකීම තනිව සියතට ගත් ඔහු අන් පිතිකරුවන් එකා පිට එකා අසාර්ථක වද්දී පන්දු 62ක් තුල වේගවත් ලකුණු 103ක් නොදැවී වාර්තා කිරීමට සමත් වුයේ දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 12ක් එල්ල කරමිනි.

එමෙන්ම මෙම ශතකය මෙන්ම මෙවර තරඟාවලියේ Mumbai Indians කණ්ඩායම සමග පෙර පැවති තරඟයේ දීද KL රාහුල්
ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

ඊයේ දිනයේ ශතකයත් සමග KL රාහුල් IPL තරඟ වාරයක එකම ප්‍රතිවාදීන්ට එරෙහිව ශතක දෙකක් රැස් කළ දෙවන ක්‍රීඩකයා බවට පත් වුනා.

මීට පෙර 2016 තරග වාරයේදී ගුජරාට් ලයන්ස් පිලට එරෙහිව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ විරාට් කෝලි එම වාර්තාව පිහිටුවා තිබුනා.

ඊයේ තරඟයේදී රාහුල්ගේ පිත්තෙන් වාර්තා වූ විශිෂ්ට ශතකය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7