Cricket NewsEXCLUSIVEIPL

භානුක රාජපක්ෂගේ Punjab Kingsට එරෙහිව Kolkata Knight Riders තරඟ වදින IPL පිටියේ 8වන තරඟය අදයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 8වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ චාමික කරුණාරත්න නියෝජනය කරන Kolkata Knight Riders කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Kolkata Knight Riders හි නායකත්වය Shreyas Iyer දරන අතර Punjab Kings හි නායකත්වය Mayank Agarwal විසින් දරනවා.

Punjab Kings කණ්ඩායම සහබාගි වූ පළමු තරඟය වන RCB සමග පසුගිය දා පවතී තරඟය ජය ගැනීමට ඔවුන් සමත් වූ අතර එම තරඟයේ Punjab Kings වෙනුවෙන් ජයග්‍රාහී ඉනිම දියත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ විසිනුයි.

ඒ අනුව අද තරඟයට ද ඔහු ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර කඩුල්ල පිටුපස වගකීමද භානුක රාජපක්ෂ හටයි පැවරී තිබෙන්නේ. චාමික කරුණාරත්න අද තරඟයට අතිරේක ක්‍රීඩකයකු ලෙසයි එක් වීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව Kolkata Knight Riders සහ Punjab Kings අතර තරඟය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Kolkata Knight Riders –

Ajinkya Rahane, Venkatesh Iyer, Nitish Rana, Shreyas Iyer (c), Sam Billings, Sheldon Jackson (wk), Andre Russell, Sunil Narine, Tim Southee, Umesh Yadav, Varun Chakaravarthy

Punjab Kings –

Mayank Agarwal (c), Shikhar Dhawan, Liam Livingstone, Bhanuka Rajapaksa (wk), Shahrukh Khan, Odean Smith, Raj Bawa, Arshdeep Singh, Harpreet Brar, Sandeep Sharma, Rahul Chahar

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button