Cricket NewsEXCLUSIVEIPL

CSK පරාජය කරමින් Kolkata Knight Riders කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කරයි – ප්‍රසාද ලකුණු සටහන තව තවත් තියුණු වෙයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 61වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති අතිශය තීරණාත්මක තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට Kolkata Knight Riders කණ්ඩායමට ආරාධනා කළා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 144ක් රැස් කිරීමට සමත් වුණා.

Chennai Super Kings වෙනුවෙන් Shivam Dube පන්දු 34කදී ලකුණු 48ක් වාර්තා කිරීමට සමත් වුනා. Devon Conway ලකුණු 30ක් රැස් කළ අතර Ravindra Jadeja ලකුණු 20ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Sunil Narine සහ Varun Chakaravarthy කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 145ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන් පන්දුවාර 18.3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 147ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Nitish Rana පන්දු 44ක් තුල වෙගවත් ලකුණු 57ක් රැස් කල අතර Rinku Singh ලකුණු 54ක් රැස් කළා.

පන්දු යැවීමේදී Deepak Chahar කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
5
+1
4
+1
5
+1
3
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7